20 වැනි ජනාධිපති සම්මාන උලෙළ

නොවැම්බර් 23, 2023

ශ්‍රී ලාංකේය සිනමාවේදින් වෙනුවෙන් පවත්වනු ලබන රාජ්‍ය මට්ටමේ සම්මාන මෙහෙවර වන ජනාධිපති සම්මාන උලෙළ පසුගිය දින නෙළුම් පොකුණ රඟහලේදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මේ සඳහා කථානායක මහින්ද යාපා අබේවර්ධන, ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර යන ඇමැතිවරු, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට මහතා සහ කලාකරුවෝ රැසක් සහභාගි වූහ.

ජනමාධ්‍ය අමාත්‍යාංශය හා ජාතික චිත්‍රපට සංස්ථාව එක්ව මෙය සංවිධානය කර තිබූ අතර 2019 හා 2020 වර්ෂ දෙක සඳහා මෙවර සම්මාන ප්‍රදානය සිදු කෙරිණි. 2019 හා 2020 වර්ෂ දෙක සඳහා සම්මාන 54 ක් ප්‍රදානය කෙරිණ. සම්මාන උලෙළේ අනුග්‍රහකත්වය දරන ලද්දේ වෙන්ඩොල් ලංකා පුද්ගලික සමාගම වෙනුවෙන් වෛද්‍ය ලෙල්වල ගොඩකන්ද මහතා විසිනි.

2019 වර්ෂය

 

හොඳම චිත්‍රපටය - 'ගින්නෙන් උපන් සීතල'

හොඳම අධ්‍යක්ෂ - අනුරුද්ධ ජයසිංහ,

ගින්නෙන් උපන් සීතල' චිත්‍රපටය

හොඳම තිර රචනය - 'ආරියවංශ ධම්මගේ' ගින්නෙන් උපන් සීතල'

හොඳම නළුවා - 'ගින්නෙන් උපන් සීතල' හි කමල් අද්දර ආරච්චි

හොඳම නිළිය - දැකලා පුරුදු කෙනෙක්හි සමාධි ලක්සිරි

හොඳම සහාය නළුවා - 'තාල' සිනමාපටයෙහි ප්‍රියන්ත සිරි කුමාර

හොඳම සහාය නිළිය - 'ගින්නෙන් උපන් සීතල' චිත්‍රපටයෙහි දිල්හානි ඒකනායක

හොඳම කැමරා අධ්‍යක්ෂණය - 'විෂම භාග' පාලිත පෙරේරාට

හොඳම සංගීත අධ්‍යක්ෂ - 'ගින්නෙන් උපන් සීතල' වෙනුවෙන් නදීක ගුරුගේ

හොඳම ගීත රචනය - 'විෂම භාග' හි වහින්න වැස්සක් ගීය රචනය වෙනුවෙන් ලලිත් රත්නායකට

හොඳම තනු නිර්මාණය - 'තාල' චිත්‍රපටයේ 'කං කං කං' තනුව නිර්මාණය වෙනුවෙන් චින්තක ජයකොඩි

හොඳම පසුබිම් ගායන ශිල්පියා - 'ගින්නෙන් උපන් සීතල' හි නවරත්න ගමගේ

හොඳම පසුබිම් ගායිකාව - 'ගින්නෙන් උපන් සීතල' හි උමාරියා සිංහවංශ

හොඳම ශබ්ද සැලසුම් ශිල්පී 'විෂම භාග'හි ශෂික රුවන් මාරසිංහ

හොඳම සංස්කරණ ශිල්පී ගින්නෙන් උපන් සීතලහි රවීන්ද්‍ර ගුරුගේ

හොඳම කලා අධ්‍යක්ෂණය 'විෂම භාග'හි සම්පත් වන්නි ආරච්චි

හොඳම වේශ නිරූපණය 'ගින්නෙන් උපන් සීතල' හි නාරද ධනංජි තොටගමුව

හොඳම නැඟී එන නළුවා 'ගින්නෙන් උපන් සීතල'හි සුසංග කහඳවල ආරච්චි

හොදම නැඟී එන නිළිය 'හුස්ම'හි චමත්කා ලක්මිණි

ප්‍රේක්ෂක ප්‍රතිචාර ලද චිත්‍රපටය (2019) විජයබා කොල්ලය ඊට ප්‍රෙක්ෂක ප්‍රතිචාර (4,30561)ක් ලැබිණි

විශ්ව කීර්ති සම්මානයෙන් 'විෂම භාග' වෙනුවෙන් ලලිත් රත්නායක

ජූරියේ විශේෂ (2019) සම්මානය

හේමාල් රණසිංහ

ජූරියේ කුසලතා සම්මානය

සුනාමි චිත්‍රපටයේ මෙනාරා වීරතුංග,

විෂම භාගහි රංගනය වෙනුවෙන් පංකජ වික්‍රමරත්න හා පන්සිළු වික්‍රමරත්න

 

2020 වර්ෂය

හොඳම චිත්‍රපටය - 'ද නිව්ස් පේපර්'

හොඳම අධ්‍යක්ෂණය 'පාංශු' වෙනුවෙන් විසාකේස චන්ද්‍රසේකරම්

හොඳම නළුවා 'ද නිව්ස්පේපර්'හි කුමාර තිරිමාදුර

හොඳම නිළිය ලෙස 'පාංශු' වෙනුවෙන් නීටා ප්‍රනාන්දු

හොඳම සහාය නළුවා 'පාංශු' වෙනුවෙන් ජගත් මනුවර්ණ

හොඳම සහාය නිළිය වශයෙන් 'පාංශු' හි නදී කම්මැල්ලවීර

හොඳම කැමරා අධ්‍යක්ෂණය - 'ද නිව්ස්පේපර්' වෙනුවෙන් චන්දන ජයසිංහ

හොඳම සංගීත අධ්‍යක්ෂ - 'ද නිව්ස්පේපර්' හි ගයත්‍රි කේමදාස

හොඳම ගීත රචනය - 'ද නිව්ස්පේපර්'හි, දොළේ දියත් ගීය වෙනුවෙන් සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න

හොඳම තනු නිර්මාණය - 'ද නිව්ස්පේපර්'හි ගයත්‍රි කේමදාස

හොඳම පසුබිම් ගායනය - 'සුනාමි' චිත්‍රපටයෙහි හර්ෂණ දිසානායක

හොඳම පසුබිම් ගායිකාව ආචාර්ය නන්දා මාලිනී

හොඳම ශබ්ද සැලසුම් ශිල්පී 'සුනාමි'හි අරුණ ප්‍රියන්ත කළුආරච්චි

හොඳම සංස්කරණ ශිල්පී - 'ද නිව්ස්පේපර්' හි රුක්මල් නිරෝෂ්

හොඳම කලා අධ්‍යක්ෂණය - ' ද නිව්ස්පේපර්'හි අජන්ත අලහකෝන්

හොඳම වේශ නිරූපණය - 'සුනාමි' හි විදුර අබේදීර

හොඳම නැගී එන නළුවා 'පාංශු' ෂේවියර් කණිෂ්ක

හොඳම නැඟී එන නිළිය 'ද නිව්ස්පේපර්'හි මාෂි සිරිවර්ධන

2020 වර්ෂයට ප්‍රේක්ෂක ප්‍රතිචාර ලද චිත්‍රපටය - සුනාමි චිත්‍රපටය. ප්‍රෙක්ෂක ප්‍රතිචාර 3,11010ක් ලැබිණි.

විශ්ව කීර්ති (2020) සම්මානය - නිව්ස්පේපර්හි සරත් කොතලාවල, කුමාර තිරිමාදුර.

තවද, පුරෝගාමී සම්මානයෙන් සේන සමරසිංහ, සෝමපාල ලීලානන්ද, ජෝර්ජ් මනතුංග, සුනිල් ටී. ප්‍රනාන්දුට ද යන අය පිදුම් ලැබූහ.

එසේම, යුග අභිමානී සම්මානයෙන් කේ. ගුණරත්නම් ද ස්වර්ණසිංහ සම්මානයෙන්, චන්ද්‍රන් රත්නම්, සුවිනීතා වීරසිංහ, සිරිල් වික්‍රමගේ යන ශිල්පීහු ද පිදුම් ලැබූහ.

 

 

ජායාරූප - නිශ්ශංක විජේරත්න සහ සුලෝචන ගමගේ

[email protected]