වර්ෂ 2023 ක්වූ March 29 වැනිදා Wednesday
මෙවර ආසියා පැසිෆික් සම්මානය ප්‍රසන්නගේ ‘ගාඩි’ ට

ආසියා පැසිපික් කලාපයේ ප්‍රමුඛතම සිනමා සම්මාන උලෙළ ලෙස සැලකෙන ආසියා පැසිපික් සිනමා සම්මාන උලෙළේදී සංස්කෘතික විවිධත්ව සහ එය සුරැකීමෙහිලා උපරිම කලාත්මක දායකත්වය දක්වන විශිෂ්ටතම සිනමා නිර්මාණයට යුනෙස්කෝ සංවිධානයෙන් පිරිනැමෙන සම්මානය මෙවර ප්‍රවීණ සිනමාවේදී ප්‍රසන්න විතානගේ ගේ 'ගාඩී' චිත්‍රපටයට හිමිව තිබේ. මෙම සිනමා සම්මාන උලෙළ අද ඕස්ට්‍රේලියාවේදී පැවැත්වේ. මෙවර උලෙළ පැවැත්වෙන්නේ 14 වෙනි වතාවටයි.
රටවල් 70ක් ඇතුළත් ආසියා පැසිෆික් කලාපයෙන් ඉදිරිපත් කළ චිත්‍රපට හා ශිල්පීන් මෙවර නිර්දේශයන්ට හා සම්මානයට පාත්‍ර වී ඇත. ආසීයානූ පැසිෆික් සිනමා සම්මාන උලෙළක ශ්‍රී ලාංකීය චිත්‍රපට හා ශිල්පීන් සම්මාන සඳහා නිර්දේශ වුවද සම්මානයට පාත්රවන පළමු අවස්ථාව මෙයයි.
'ගාඩි' සිනමාවේදී ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණයක් මෙන්ම තිර රචනයක්ද වේ. සන්ධ්‍යා සල්ගාදු, ඇලන් මැක්ස්ඇලෙක්ස්, අජේ රායී, එච්. ඩී. ප්‍රේමසිරි හා ප්‍රසන්න විතානගේද නිෂ්පාදනයෙන් දායක වූහ. අයිරාංගනි සේරසිංහ, රවින්ද්‍ර රන්දෙණිය, දමයන්ති ෆොන්සේකා, සජිත අනුත්තර, ඩිනාරා පුංචිහේවා ඇතුළු නළු නිළියන් රාශියක් 'ගාඩි' රංගනයට දායක වූහ. ගාඩි ළඟදීම මෙරට සිනමාහල්වල තිරගත වීමට නියමිතය.