චමත්කා කියන්නේ ඇඳුම් උනා දමා රඟපාන කෙනෙක් නෙමෙයි

‘පියාඹන්න ආයෙත්’ චිත්‍රපටයේ ප්‍රධනා නිළි චමත්කා ලක්මිණි
ඔක්තෝබර් 6, 2022

 

නාලක විතානගේ ගේ ‘සරුංගලය‘ සිනමාපටයෙන් සිනමාවට පිවිසෙන ඇය මේ වන විට සිනමාපට හතරකට රංගනයෙන් දායක වී ඇත.ඒ එකිනෙකට වෙනස් වූ චරිත හතරකිනි . සරුංගලයෙන් “ඊතලය” ටද “හුස්ම” පසු “පියාඹන්න ආයෙත්” යන චිත්‍රපට සඳහා රංගනයෙන් දායක වන ඇය කෙටි කාලයක් ඇතුළත සිනමා ප්‍රේක්ෂකයන් අමන්දානන්දයට පත් කරයි .සාත්වික අභිනයන් එකිනෙකට වෙනස් ව ගෙනහැර දක්වමින් ප්‍රේක්ෂකයා නතු කරගන්නට ඇය සමත් විය .ඔබටත් මටත් හරිම ළෙන්ගතු මේ චරිතය චමත්කා ලක්මිණියි.

සරසවිය සමඟ චමත්කා කළ පිළිසඳරයි මේ.

ඔබ සිනමා ක්ෂේත්‍රය තෝරා ගන්නෙ ඇයි?

මගේ හදවතට මං හැමදාම කතා කරන්න පුරුදු වෙලා හිටියේ .කවදාහරි ඉතුරු වෙන්නේ තමන්ට තමන් පමණයි. ඒ සංකල්පය තුළ මම හැමදාම ජීවත් වුණා. ඒ නිසා මගේ ජීවිතේ ගොඩක් බලාපොරොත්තු තිබුණා. ඒ බලාපොරොත්තුවලින් සමහරවිට සිනමා ක්ෂේත්‍රය එක් මාවතක් වුණා විතරක් වෙන්න ඇති. කාගේ උණත් බාහිර ලක්ෂණවලට වැඩිය අභ්‍යන්තරයේ ගැඹුර වැඩියි. ඒ ගැඹුරේ නොපෙනි සිටිය නිළිය වෙන්නැති මුලින්ම එළියට එන්න ඇත්තේ කියලයි මම හිතන්නේ. මගේ යම් දක්ෂතාවයක් දැකලා වෙන්නැති “සරුංගලය” සිනමාපටයට නාලක විතානගේ මාව තෝරා ගන්න ඇත්තේ. ඒ තෝරා ගැනීම නිසා මම අද නිළියක් වුණා. මේ තෝරා ගැනීම අහම්බයක්. හිතලා ගන්න තීරණවලට වැඩිය ක්ෂණික ව ගන්න තීරණ හරි ප්‍රබලයි. හරියන්න හෝ වරදින්න හරි මම ගන්න තීරණ එහෙමයි. ඒ ගත්ත තීරණේ හොඳ අතට හැරලා තියෙන හින්ද මං සතුටු වෙනවා.

 

ප්‍රේක්ෂකයා කෙටි කාලයක් තුළ ඔබ තැනකට ගෙනාවා නේද?

මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට මං අදත් ආදරේ හෙටත් ආදරේ මතුවටත් ආදරෙයි. කැඩපතක් ඉදිරියට අපි ගියහම බලන, දකින සහ විඳින, ලස්සන සතුටක් මට තියෙනවා. ඒ කැඩපතතමයි මගේ ප්‍රේක්ෂක සමාජය .මේ කියූ කාරණා සියල්ලම ප්‍රේක්ෂකයා සතුය. ඒ සියලු දෙනා මාව අද මෙතැනට ගෙනාවේ නැත්නම් මම අද නිළියක් නෙවෙයි. මම හරියට පොළොවේ පය ගහලා ඇවිදින කෙනෙක්. මම ඇවිද ගිය මාවත්වල සුවඳ විලවුන්වලට වැඩිය දැනුණ දහඩිය සුවඳයි. ඒ හින්දා තමයි මම අද නිළියක් වුණේ. අපි යන මාවතේ දැනගෙන යා යුතුයි. අද ලෝකයේ හරි දේ කළොත් එක මොහොතෙන් වුණත් ප්‍රේක්ෂකයා වැලඳ ගන්නවා. ප්‍රේක්ෂකයා බලාපොරොත්තුවෙන දේ නළුවකු ට නිළියකට දෙන්න පුළුවන් නම් ඔවුන්ගේ හදවතේ පිටුවක් අපි බලාපොරොත්තු වෙන්න ඉස්සෙල්ලා පෙරළනවා. මං හිතන්නේ මම ඒ පිටුව පෙරළුවා.

ජීවිතේට ගොඩක් දේවල් එකතු කරගන්නද කැමති, අත්හරින්නද කැමති?

මගේ ජීවිතේ මට අත්‍යවශ්‍ය නම් පමණයි එකතු කරගන්නේ. ජීවිතෙට එකතු කරගත්තත් දුකක්, අයින් කළත් දුකක්. සමහරවිට මැද මාවතේ ගමන් කරත් හිතපු නැති දේවල් වෙන්න පුළුවන්. ඒත් කියන විදියට සිනමාපටයෙ නම්, දේවල් ගොඩක් අත්හරිනවා. ඒ වගේම අවසානයේ ආපහු එකතු කර ගන්නවා. ජීවිතේ ගොඩක් දේවල් අපි අත්හරිනවා. හැබැයි ආයෙ ඕන වුණොත් විතරයි එකතු කරගන්නේ.මගේ ජීවිතයෙත් කරල තියෙන්නේ ගොඩක් දේවල් එහෙමයි. තීරණයක් ගන්න දෙපාරක් නොසිතා ශක්තිමත් බැම්මක් ද බැඳීිම අවශ්‍යයි. පියාඹන්න ආයෙත් වගේ කවදාවත් මං ජීවිතයට එකතු කරගත්ත දේවල් නෑ.

 

ෂර්ලි සමරසිංහ තිර පිටපත දෙනකොට මොකද හිතුණේ?

ඇත්තටම මට ඕනේ වෙලා තිබ්බේ හොඳ නිර්මාණයකට දායකත්වය දෙන්න. මම කවදාවත් ඉස්සෙල්ලා රඟපාපු සිනමා පටය වගේ ඊළඟට තෝරගන්න සිනමාපටයේ චරිතය කරන්න බලාපොරොත්තුවක් නෑ. ගොඩක් දෙනෙක් හිතන්නේ චමත්කා කියන්නේ ඇඳුම් උනා දමා පමණක් රඟපාන්න එන කෙනෙක් ලෙසයි. අන්න ඒක තමයි කට්ටියට වැරදිලා තියෙන තැන. සැබෑ ජීවිතේ චමත්කයි නිළිය කියන චමත්කයි දෙන්නා අඳුරගන්න බැරි වෙලයි තියෙන්නේ. ඒ අඳුරගත්ත කිසි කෙනෙක් වර්ගීකරණයක යටත්ව මට තිර පිටපත් ලියලා නෑ මේ තාක් කල්. අන්න ඒ හෙම හම්බෙච්ච තිර පිටපතක් තමයි මේ තිර පිටපත. අද අව්‍යාජ ආදරය තුළ මිනිස්සුන්ට කොච්චර දේවල් කරන්න පුළුවන්ද කියන එක මම මේ චරිතය තුළින් ප්‍රේක්ෂකයාට ගෙන එනවා.අධ්‍යක්ෂකවරයාගේ මෙහෙය විම තුළ මම චරිතයට සාධාරණයක් කළා කියලා හිතනවා .

උඩින් පාත් වෙච්ච නිළියක් කියලා විවිධ කතා ඇහෙනවා. ඒ ගැන මොකද කියන්න තියෙන්නේ.?

ඕන කෙනෙක්ට ඕන දෙයක් කියන්න හැකියාව තියෙනවා.මම අනුන්ගේ දේවල් වලට සවන් දෙන කෙනෙක් නෙවෙයි. ක්ෂේත්‍රයට එන්නේ උඩින් පාත්⁣වෙලා නෙවෙයි. යම් හැකියාවක් තියාගෙනයි මම එන්නෙ. ඒත් රංගනය හදාරලා ආව කෙනෙක් නෙමෙයි. “පියාඹන්න ආයෙත්” සිනමාපටය “රූඩ් ථධමඪඥ” ගණයට වැටෙන සිනමාපටයක්. මේ සිනමාපටය සමඟ මම රඟපාපු සියලුම සිනමාපට ප්‍රේක්ෂකයන් හොඳට වැලඳගෙන තියෙනවා. හොඳ කතා සාරාංශයක් තුළ සිනමා ශාලාවට එන ප්‍රේක්ෂකයා වැළැක්වීමට ඔය කියන කතාවලට බෑ කියලා. මම හිතනවා.

 

කෝවිඩ් වසංගතය පැතිරී යන මොහොතක නේද රූපගත කිරීම්වලට යොමු වෙන්නේ?

ඔව්. මේ “පියාඹන්න ආයෙත්” සිනමාපටය කොරෝනා වසංගත කාලයේ තමයි රූපගත කිරීම් ආරම්භ කළේ. වාහන දෙකකින් කිලෝ මීටර් 4500 කට වැඩි දුර ප්‍රමාණයක් මෙහි රූපගත කිරීම් සිදු කළා. තිර පිටපතට අනුවයි මේ සියලු දේවල් සිදු වුණේ. අධ්‍යක්ෂකවරයා මට පූර්ණ නිදහස දීලා තිබ්බා පිටපතට අනුව මගේ රෝල් එක කරගෙන යන්න . මට එදා ඕන වුණේ හිර වෙලා ගෙදරට වෙලා ඉන්නවට වැඩිය එළියට බැහැලා වැඩක් කරල පෙන්වන්නයි. ඒ දේ මම එදා කළා. අපේ පීඩනයේ එදා අපි නැති කරගත්තේ මේ සිනමාපටය නිසා කිව්වොත් හරි. සීමිත නළු නිළියන් පිරිසක් සමඟ මේ රංගනයේ යෙදෙන්නේ. අපි සියලු දෙනාම එකිනෙකාට සහයෝගයෙන් මේ වැඩේ ඉවර කළා. ජීවිතේ දන්නැති දේව දන්නවා වගේ ඉන්නැතුව මම හැම දෙයක්ම අහගෙන මගේ වැඩේ හරියට කළා. මට ඕන වුණේ හුස්මෙන් පස්සේ වෙනස්ම දෙයක් එක්ක ප්‍රේක්ෂකයා හමුවට එන්නයි. ඒක මම පියාඹන්න ආයෙත් එක්ක කළා.

 

නැවත වසර කිහිපයකට පසුවයි රංගනයට පිවිසෙන්නේ.ඕනම අභියෝගයක් බාර ගන්න අදිටනින් ද ?

ඕනම අභියෝගයක් කියන අදිටනින් නෙවෙයි. සමහරු ඔය අර්ථකථනය කරන්නේ අභියෝගයක් කියලා ව්භඤඪබර පැත්ත නේ. ව්භඤඪබර කියන්නේ එක් කොටසක් පමණයි සිනමාවේ. ගොඩක් දෙනෙක් මාව ඛ්චබඥඨධපඪලඥ කරල තියෙනවා ව්භඤඪබර කියන අභියෝගය බාර ගන්නවා කියන එක තුළ. හැබැයි මට ඊට වැඩි අභියෝගයක් තමයි පියාඹන්න ආයෙත් සිනමා පටය ඒ අවස්ථාව ලැබුණේ. මම ඒකෙ රඟපාන්න ඕන. එහි නිරුවත පෙන්නනවා නෙවෙයි කරන්නේ. ඇක්ටින් කැපෑසිටි එක ප්‍රේක්ෂකයන්ට දෙන්න ඕන. හැබැයි හුස්ම බලන්න ඇත්තේ නිරුවත බලන්න වෙන්න නැති. හැබැයි දැන් ප්‍රේක්ෂකයන් ඒ එන්නෙ මගේ ඒජබඪදඨ බලන්නයි. ඕඩියන්ස් එක දැන් හිතන්න ඕනේ මේ පෙන්නන්නෙ චමත්කා ගේ වපසරිය ඇතුළෙ ඉන්න රංගන ශිල්පිනියගේ ඇති හැකියාවන් කියන එකයි. ව්භඤඪබර හින්දා තමයි ඔය අභියෝගාත්මක කියන වචනය හැමෝම පාවිච්චි කරන්නේ. විශේෂයෙන් මේක ඇතුළට කිඳා බැහැලා බලපු නැති කෙනෙකුට ඕන වචනයක් පරිහරණ උච්චාරණය කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒත් ක්ෂේත්‍රය තුළ සිටින ප්‍රවීණයන්ගෙන් මට ලැබෙන ජධථථඥදබඵ වලින් මම හරිම සතුටු වෙනවා. ඔවුන් හැම වෙලාවකම සිතන්නේ ඒජබඪදඨ ඛ්චනචජඪබර එක ගැන පමණයි. ගොඩක් දෙනෙක් කියන්න ගත්තා ස්වර්ණා මල්ලවආරච්චි ගේ ඒජබඪදඨ කැපෑසිටි එක පරිහරණය කරනවද කියලා. ප්‍රවීණයන් හම්බවෙන මොහොතකම අහල තියෙනවා. හැබැයි මම ඔය කියන චරිතයට හරිම ආදරෙයි. මේ වෙනකම් ස්වර්ණා මල්ලවආරච්චි කියන සම්මානනීය නිළිය මුණ ගැහිලා නෑ. මම ඒ අවස්ථාව එන කම් හරිම ආශාවෙන් බලාගෙන ඉන්නේ. මොකද හැමෝම ඇයගේ ප්‍රතිරූපය වර්ණනා කරන නිසා හිත ඇතුළෙන් පොඩි ආඩම්බරයකුත් තියෙනවා.ඇගෙන් ගුරුහරුකම් ගන්න තියෙනවනම් කොච්චර වටිනවද. හොඳ වෙලාවට පිටරටවල්වල නිලියන්ගෙ නම් කියන්නෙ නැතුව අපේ නිළියකගේ නමක් කියන එක ගැන කොච්චර ආඩම්බරයි ද. ගොඩක් වෙලාවට මාව රිජෙක්ට් කරන අවස්ථා තියෙනවා. ආධුනිකයන් මෙන්ම ප්‍රවීණයන් ද එතන ඉන්නවා. ඒකට හේතුව මොකක්ද කියලා මම මේ වෙනකන් හොයනවා. මගේ බබා ලැබුණාට පස්සේ මම වසර දෙකක් නිහඬ වෙලා හිටියා. පොඩි එකාට අම්මගෙ උණුසුම අවශ්‍ය වන කාලේ තමයි මම ගෙදරට වෙලා හිටියේ. මම බලාගෙන හිටියේ කොයි වෙලාවෙද එළියට බහින්නේ කියලායි.

ඒ වෙලාවේ මගේ මිත්‍රයා වූ කලා (කලණ ගුණ⁣සේකරගෙන්)දුරකථන ඇමතුමක් ලැබෙනවා. හිර වෙලා ඉන්න අපට හොඳ වැඩක් තියෙනවා කරමුද කියලා. මම එක පයින් මෙයට කැමති වෙනවා.

 

පියාඹන්න ආයෙත් සිනමාපටයට කලණගෙන් ලැබුණ සහයෝගය කොහොමද?

ජීවිතය අපිට ඕනම කෙනෙකුගෙන් අත්දැකීම් හා අපි දන්නේ නැති දේවල් ඉගෙන ගන්නා අවස්ථාවල් තියෙනවා.

ඇත්තටම කලා, සරුංගලයේ නූලේ අතේ තියාගෙන වගේ ලස්සනට මගේ රංගනය මෙහෙය වූවා. මේ ක්ෂේත්‍රය තුළ කලාගෙන් මට ගන්න ගොඩක් දේවල් තියෙනවා. ඔහුගේ ව්‍යායාම් මට්ටමේ සිට රංගනය පූර්ව අධ්‍යයනයක් කරන්න ඕනෑ. කලණ වගේ සම්පතක් අපේ සිනමාවට වටිනවා. ලෝක සිනමාව සහ ලාංකික සිනමාව කියන දෙක හොඳට අධ්‍යනය කරල තමයි මම සිනමා රංගනයට එකතු වුණේ. හොඳ යාළුවෙකුට හොඳ දේවල් හොඳාකාරව හොඳීන්ම බෙදාගන්න පුළුවන්. ඒ මිතුදම මට සිය දහස් වාරයක් වටිනවා.

 

සිනමා ක්ෂේත්‍රය තුළ පමණද ඔබේ ගමන දකින්න පුළුවන් වෙන්නේ ?

එකිනෙකාට වෙනස් චරිත නිරූපණය කරන කොට ඒ කෙනා තෝරා ගන්නා මාවත් වෙනස් වෙනවා. බොහෝ දුරට මම සිනමා ක්ෂේත්‍රය තුළ පමණයි රැඳී සිටින්නට උත්සාහ කරන්නේ. ඕනෑම කෙනෙකුට ක්ෂේත්‍රය තුළ තමන් ගොඩනගා ගත් අනන්‍යතාවයක් තියෙනවා. මම මගේ මාවත තෝරාගෙන තියෙන්නෙ සිනමාවයි. ඒ නිසා මට මගේ අයිතිවාසිකම ප්‍රකාශ කරන්න අයිතියක් තියෙනවා. නිදහසේ අවකාශ චරිත තුළ රඟපාන්න පුළුවන් වටපිටාවක් සිනමාව තුළ තියෙනවා. ඒත්, ගුණාත්මක භාවයෙන් අඩු රැල්ලේ ටෙලි නාට්‍යයට හා වේදිකාවට මට දායකත්වය දෙන්න වෙන්නේ නෑ. විශේෂයෙන් කිව යුතු දෙයක් තියෙනවා ව්භඤඪබරවල රඟපාපු ගොඩක් දෙනෙක් මේ වනවිට වේදිකාවෙන් බැහැල ගිහිල්ලා. කොහෙද ඉන්නේ කියලවත් හොයා ගන්න බැරි තරමට අද පත්වෙලා තියෙනවා. චමත්කාර කියන චරිතෙ කවදාවත් එතැනට යන්න සූදානම් නම් නැහැ. දැන් ගොඩක් දෙනෙක් චමත්කා ගෙ චරිතයට වැඩ දෙන්නේ රංගන කැපෑසිටි එක තුළටයි.ඒක මට පොඩි ලක් බයි චාන්ස් එකක් වෙලා තියෙනවා. අද මේ වන විට තිර පිටපත් රචකයන් සහ අධ්‍යක්ෂකවරුන් තිර පිටපත් ලියන කොට චමත්කා මං මේ චරිතය ලියන්නෙ ඔයාටයි කියන තැනට පත්වෙලා තියෙනවා ඒක හරිම සතුටුදායකයි. මම එහෙම මචතභඥ එකට යන්න කැමති

 

සිනමා පටයකට දායක විමේදි සලකා බලන්නේ මොනවාද?

මම සිනමා පටයක් තෝරා ගනිද්දී කිසි පදනමක් අවශ්‍ය නැහැ. හැබැයි, මට ප්‍රේක්ෂකයා ලේබලයක් ගහලා තියෙනවා කියනවා. වඩාත් සුදුසු සම්භාව්‍ය මට්ටමේ සිනමාපට සඳහා පමණක් සුදුසුයි කියලා. නමුත් මම වර්ගීකරණයක් කරලා රංගනයේ දෙන්නෙ නෑ. තිරපිටපත හොඳ නම් හොඳ රංගනයක යෙදෙන්න පුළුවන්. ප්‍රේක්ෂකයා බලාපොරොත්තු වෙන්නේ හොඳ රංගනයක්. ඒ ඉල්ලන දේ මට දෙන්න පුළුවන් නම් තමයි ඔවුන්ගේ සතුට රඳා පවතින්නේ. එතැනයි මගේ රංගනය හැමදාම රඳා පවතින්නේ.

 

ක්ෂේත්‍රයේ ස්වාධීන නිළියක් ලෙස හඳුන්වන්නේ ඇයි ?

ක්ෂේත්‍රයේ මට යාළුවෝ නෑ කවුරුත් .මගේ මුහුණට හතුරුකම් කරන කවුරුත් නෑ .හැබැයි හතුරුකම් කරන කට්ටිය ඇති කියලා මම හිතනවා. විශේෂයෙන් මට තිරපිටපතක් හම්බුණා මම හස්බන්ඩ්ගෙන්වත් පවුලේ කාගෙන්වත් අහන්න නෑ. ස්වාධීන තීරණ මත ජීවත් වන කෙනෙක්. නිර්මාණයකට ස්වාධීන තීරණයක් අවශ්‍යයි. එනිසයි ස්වාධීන වුණොත් කලාව තුළ නියම නිර්මාණයකට රංගනය කරන්න පුළුවන් වෙන්නේ.මම පිටපත කියවලා මම මේක කරනවා. කියන එක තමයි කියන්නේ. කරන්නද කියලා මම කවදාවත් කාගෙන්වත් අහන්නේ නෑ. ඒ කරන නිර්මාණය මාර්ගයක් හරි නැති උණොත් එහෙම ඒක මගේ ජචපඥඥප එක ඒ කට්ටිය සම්බන්ධ වුණා කියලා කොයිම අවස්ථාවකවත් කියන්න බෑ .එතකොට ඒක තමයි නියම ස්වාධීනත්වයේ තියෙන්නේ. මම දායක වන ඕනෑම නිර්මාණයකට මම ස්වාධීනව තමයි දායක වෙන්නේ. ඒක තමයි මගේ න්‍යායපත්‍රයට අනුකූලව කටයුතු කරනවා. මුහුරත් උළෙලකවත් ඒපබඪඵබ ලා මගෙත් එක්ක කතා කරන්න නෑ. මගෙත් එක්ක කතා කරන්නේ මාධ්‍ය සහෝදරයො පමණයි. එහෙම මගෙත් එක්ක කතා කරන්නැත්තේ මොන හේතුවක් නිසාද කියලා මම දන්නේ නැහැ තාමත්. මම හිතන විදියට මම ඕනම නිර්මාණයකය ස්වාධීනත්ව තුළින් කටයුතු කරන්න නිසා වෙන්න ඇති. අධ්‍යක්ෂවරු හා නිෂ්පාදකවරු මට හැම වෙලේම කියන්නේ ඔයත් එක්ක වැඩ කරන්න හරි ලේසියි .ඔයාගේ තීරණ මත ජීවත්වන කෙනෙක් නිසා කියලයි .මම හැමවෙලේම අධ්‍යක්ෂකවරයා තිරපිටපත රචනා කරලා නැත්නම් තිරපිටපත් රචකයා සමඟ හරි සුහදව කටයුතු කරන්නේ. ඔහුගේ මනසෙයි රූපකාය අන්දලා තියෙන්නේ.

 

ඉදිරි නිර්මාණ ගොන්නට ඇතුළත් වෙන්නේ මොනවාද?

නිර්මාණවලට දායකත්වය දීම ඉතා සුවිශේෂී. ඒත් නිර්මාණ කරන්නන්වාලේ කරන්න මං කවදාවත් බලාපොරොත්තු වෙන්නේ නෑ. දැනටමත් මට සිනමාපට තුන හතරකට කතා කරලා තියෙනවා. තිරපිටපත් කියවීම තමයි මම මේ දවස්වල බලාපොරොත්තුවෙන් ඉන්නේ. ඉන් පස්සේ තමයි මම හොඳ සිනමාපට කීපයකට දායකත්වය දීමට අදහස් කරන්නේ.

 

 

සටහන හා සේයාරූ - නිශ්ශංක විජේරත්න