වර්ෂ 2023 ක්වූ February 04 වැනිදා Saturday
දයාන්ගේ අඩව්ව

ශී‍්‍ර ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වැඩසටහන් නිෂ්පාදිකාවක් වන නිශාන්ති රණතුංග, සංගීතමය වැඩසටහනක් සඳහා ගායක ගායිකාවන් කිහිප දෙනෙකුට ආරාධනා කරලා තිබුණා. ඒ ආරාධනා ලැබුණු සියල්ලෝම එදින වැඩසටහනට සහභාගි වී සිටියා. වැඩසටහනෙන් පසු පැමිණ සිටි රශ්මි සංගීතා, නිහාල් නෙල්සන් සහ දයාන් විතාරණ කෙටි පිළිසඳරක ද යෙදුණා. දයාන් විතාරණ තමාට සිදුවුණු රසබර කතා ගොන්නක්ම වැල නොකැඩී පැවසුවා. ඒ රසබර කතා එක්කම ඔහුට නැට්ටුවකු සේ පෙනී සිට කට්ටියත් එක්කම ඡායාරූපයක් ගැනීමට පොඩි ආසාවක් ඇති වුණා. එතැන සිටි සියලු දෙනාම එයට එකඟ නොවූවත් දයාන්ට එසේ කිරීමට අවශ්‍ය වුණා. මේ සියලු දෙනා එක හඬින් කීවේ දැන් දයාන්ට ඡායාරූප ගන්නත් පුළුවන්, සින්දු කියන්නත් පුළුවන්, ඉතිරි වෙලා තිබුණේ නටන්න විතරයි දැන් ඒකත් කරන්න පුළුවන් කියලයි.