ජටාවක් කළ හදියක්

දෙසැම්බර් 8, 2022

පැරැණි රජ දවස සිටි අණබෙරකරුවන් කෝලම් කරුවන් වැනි චරිත අදත් දක්නට ලැබෙනවා. එවැනි අණබෙරකරුවකු කියා පිළියන්දල නගරයේ සිටි පිරිසක් වසන්ත දුක්ගන්නාරාළ දැක රැවටුණු කතාවයි මේ. එලෙස යම් සිදුවීමක් සිදු වෙන්නේ පිළියන්දල නගර සභා ශ්‍රවණාගාරයේදීයි. ඒ කුමාර තිරිමාදුරට සහ සරත් කොතලාවල යන කලාකරුවන්ට සම්මාන පිරිනැමීමට කෙටි මෙහොතකට පෙරයි. බඩු බාහිරාදිය ගන්නට පොළට පැමිණෙන අය වසන්ත දුක්ගන්නාරාල දැක පුදුමයට පත්ව බලාගෙන සිටියා. ඒ ඔහුගේ ජටාවේ රටාව නිසාවෙන්. ඇතැම් අය පවසා සිටියේ නයි නටවන මනුෂ්‍යයෙක් ද දන්නේ නෑ කියායි. කෙසේ වෙතත්, එදායින් පසු වසන්තට තවම නයකු අල්ලාගෙන නටවා ගන්නට බැරි වුණ බව ඇතැමුන් පවසනවා. ඒ ඔහු අසනීප තත්ත්වයෙන් පසුවූ නිසායි. ඔහුට අපි නිදුක් නිරෝගී සුවය පතමු.