නදීක කරුණානායකට මොකද වුණේ විමසා බලමු

ජූලි 1, 2021

මේක තනිකරම කොත්තු කඩයක් හා සමාන දෙයක් බවට පත්වෙලා. මුදලාලිට ඕන්නම් කොත්තු බාස්ව හිතුමනාපෙට මාරු කරන්න පුළුවන්. මාධ්‍යවේදියෝ කොත්තු බාස්ලා ගානට දාලා. ඒ වගේ දේවල් තමයි දැන් සිද්ධවෙන්නේ. නමුත් මම අහන්නේ අපි අවුරුදු ගාණක අත්දැකීම් ලබලා ආයතනයක සේවය කරලා මේ වගේ දේවල්ද අපිට අන්තිමට ලැබෙන්නේ. කියන්න කණගාටුයි. මං මේ වෙලාවේ මේ ක්ෂේත්‍රයට පිවිසෙන නවකයින්ට ලොකු අවවාදයක් කරනවා. ඕගොල්ලෝ වෘත්තියක් විදිහට මේ මාධ්‍ය ක්ෂේත්‍රයට එන්න නම් එපා.

 

එක් එක් රූපවාහිනී නාළිකාවන්ට තිබෙන දෙවෙනි සලකුණ වන්නේ එහි සේවය කරන්නාවූ පූරකවරුන් සහ පූරකවරියන් වේ. බොහෝ අවස්ථාවන්වලදී රසික රසිකාවන් ඔවුන් හඳුන්වා දෙන්නේ අසවල් නාළිකාවේ අහවලා කියාය. ඒ තරම්ම බැඳීමක් රූපවාහිනී නාලිකා හා පූරකවරුන්ට තිබේ. මේ අතරේ වැඩි දෙනෙක් කාලයාගේ ඇවෑමෙන් රූපවාහිනී නාළිකා මාරු කළත් අතළොස්සක් දෙනා ඉතා දිගු කාලයක් එක් නාළිකාවක රැඳී සිටියි. ඒ අය වසර ගණනාවක් තමන් සේවය කළ නාළිකාව පිළිබඳ උදම් අනන්නේ තමන්ගේ නම හදා දුන් තැන නිසාය. නදීක කරුණානායකද එවන්වූ අයෙකි. දශක දෙකකට ආසන්න කාලයක් ස්වර්ණවාහිනියේ සේවය කළ ඔහු වඩා ජනප්‍රිය තඪමඥ චබ 8 ප්‍රවෘත්ති වැඩසටහනේ ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්නෙකු ලෙසිනි. ඒ ඉතා දිගු කාලයක් ඔහු එම නාළිකාව ඔස්සේ අප හමුවට පැමිණීමයි. යාබද දිනයක සිට නදීකගෙ රුව ස්වර්ණවාහිනියෙ අප දුටුවේ නැත. ඔහු වෙනත් නාලිකාවකට ගොස් ඇතැයි අනුමාන කළද එවැන්නක් සිදු නොවූ බවට දැනගන්නට ලැබිණ. වැඩිදුර විස්තර සොයා යෑමේ දී නදීක ස්වර්ණවාහිනී නාළිකාවෙන් ඉවත් වූ බවට ආරංචි විය. මොකක්ද ඔහුට සිදුවුණේ? ඔහුගේ හඬින්ම එය අපි අසා දැනගනිමු.

 

මං පළමුව බොහෝ දෙනෙකු නොදන්නා කාරණාවක්ම හෙළි කරන්නම්. මම සහ තව නිවේදිකාවක් ගිය වසරේ නම වැනි මාසෙ විසිවැනිදා ඉඳලා නිවාස අඩස්සිය හිටියේ. සේවය කරන්නට නාළිකාවට එන්න එපා කියලා අපිට කිව්වා. නමුත් අපිට පඩි ලබා දුන්නා. කිසිම හේතුවක් නැතුව එහෙම කළේ. ස්වර්ණවාහිනිය කියලා කියන්නේ මම බොහොම ආසාවෙන් වැඩ කරපු තැන. ඒ වගේම අපේ නම හැදුණේ මෙතැන. බොහෝ ගෞරවයෙන් මම මේ රැකියාව කළා. නමුත් හදිසියේම මේ සිදුවූදේ මට මට අදහාගන්නටත් බැහැ. මේක ඇත්තටම දීර්ඝ කාලීන කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් කියලා මට කියන්න පුළුවන්.

 

එතකොට ඔබ දැන් ස්ථිරවම ස්වර්ණවාහිනියෙ නැද්ද?

නැහැ. පසුගියදා මට ලියුමක් දුන්නා වැඩ නැවැත්තුවා කියලා. මම එහි හේතු කාරණා ඇහුවත් ඒවා මොනවද කියලා මට හරියටම කිව්වේ නැහැ. කෙනකුගේ ස්ථිර රැකියාවක් නවත්වන්න යම්කිසි ප්‍රමාණවත් හේතුවක් තියෙන්න ඕනි. මං ඒ පිළිබඳ දිගින් දිගටම විමසීමක් කළා. ඒ වුණාට කිසිම ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. ඔයා අතරේදී මට චෝදනා නමයකුත් එක්ක එක්තරා ලියුමක් ලැබෙනවා. වෙලාවට වැඩ නොකිරීම, ප්‍රවෘත්ති අංශය ඇතුළෙ පවත්වන මීටින්වලදී උස්හඬින් කථා කිරීම වැනි බොරු චෝදනා තමයි එහි තිබුණේ. ඇත්තටම මීටින් එකක් තියන්නේ ප්‍රශ්න ඇත්නම් කතා කරන්නනේ. ඒ වගේ වෙලාවන්වලදී නිහඬව ඉන්න පුලුවන්ද. මං ඒ සියලුම චෝදනාවලට පිළිතුරු යැව්වා. ඔය අතරේදී මට තව ලොකු චෝදනාවක් කියලා ලියුමක් එනවා. එකෙන් පස්සෙ තමයි මට වැඩ තහනම් කළේ.

 

මොකද්ද ඒ චෝදනාව?

මගේ මුහුණු පොතේ ආයතනයේ ලෝගෝ එක භාවිත කළා කියලා. මම රැකියාව කරන ස්ථානයේ ලෝගෝ එක පළ කරන්න මට බැරිද. මම ඒ පිළිබඳ නීතිරීති තියෙනවද කියල හොයල බැලුවා. නමුත් අපිට සෝෂල් මීඩියා ගැන නීති පිළිබඳ දැනුම්වත් කරලා නැහැ. ආයතනයේ ලාංඡනය භාවිත කරන්න බැහැ කියලා අපිට කියලා තිබුනා නම් කීයටවත් මම එහෙම කරන්නේ නැහැනේ. ඇත්තම කිව්වොත් මම ආයතනයේ ලාංඡනය මගේ ෆේස්බුක් එකේ පාවිච්චි කරේ නාළිකාවට තියෙන ගෞරවයට. මේ අහන්නකෝ. දැන් රූපවාහිනී නාළිකාවල ලාංඡනය භාවිත කරමින් ටී ෂර්ට් ගහනවා. කැප් ගහනවා. එතකොට ඒවා ඇඳගෙන පාරේ ගියාම ඒක නාලිකාවට හානියක් නෙමේද එහෙම බලද්දි. ඇත්තටම ඒක බොරු කතාවක්නේ. අපි අපේ නාළිකාවක ටී ෂර්ට් එකක් ඇඳගෙන පාරේ බැහැලා යන්නේ අපේ නාළිකාවට තියෙන ආදරයට. ඒ චෝදනාව පදනම් කරගෙන මට වැඩ තහනම් කරන ලියුම ලැබුණා.

දැන් ඔබ කිසියම් වූ නෛතික ක්‍රියාමාර්ගයක් ගන්නා අපේක්ෂා කරන්නෙ නැද්ද?

ඇත්තටම මම නීතිය පැත්තෙන් ක්‍රියාත්මක වෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මේ වෙලාවේ මට ලොකු කලකිරීමක් ඇතිවෙනවා අපේ ක්ෂේත්‍රය පිළිබඳ.

මේක තනිකරම කොත්තු කඩයක් හා සමාන දෙයක් බවට පත්වෙලා. මුදලාලිට ඕන්නම් කොත්තු බාස්ව හිතුමනාපෙට මාරු කරන්න පුළුවන්. මාධ්‍යවේදියෝ කොත්තු බාස්ලා ගාණට දාලා. ඒ වගේ දේවල් තමයි දැන් සිද්ධවෙන්නේ. නමුත් මම අහන්නේ අපි අවුරුදු ගාණක අත්දැකීම් ලබලා ආයතනයක සේවය කරලා මේ වගේ දේවල්ද අපිට අන්තිමට ලැබෙන්නේ. කියන්න කණගාටුයි. මං මේ වෙලාවේ මේ ක්ෂේත්‍රයට පිවිසෙන නවකයින්ට ලොකු අවවාදයක් කරනවා. ඕගොල්ලෝ වෘත්තියක් විදිහට මේ මාධ්‍ය ක්ෂේත්‍රයට එන්න නම් එපා. කවදාවත් එහෙම කරන්න බැහැ. හොබී එකක් විදිහට මේ ක්ෂේත්‍රයේ වැඩ කරන්න. ජීවත් වෙන්න වෙන ආදායම් මාර්ගයක් තියාගන්න. ඇත්තටම මෙතන එහෙම වැඩ කරන්න පුළුවන් තැනක් නෙමෙයි.

 

ඔබට මේ වෙලාවේ වෙන නාළිකාවකින් ආරාධනාවක් ලැබුණේ නැද්ද?

පෙර අවස්ථාකිහිපයකදීම මට නාළිකාවලින් ආරාධනා ලැබුණා. නමුත් මම ස්වර්ණවාහිනිය දාල ගියේ නෑ තියෙන ගෞරවයට. මේ වෙලාවෙ මම තීරණය කරලා නෑ යම්කිසි ආයතනයකට ආයිත් යනවද කියලා. හැබැයි මගේ වටිනාකමට සරිලන හොඳ තැනක නැවත රැකියාවක් ලැබුණොත් මම එතනට යාවි. මේ අසාධාරණය වෙනුවෙන් මම නිකන් ඉන්නේ නැහැ.