වර්ෂ 2023 ක්වූ December 04 වැනිදා Monday
රොඩ්නි විදානපතිරණගේ “හිම තාරකා”

රොඩ්නි විදානපතිරණ අධ්‍යක්ෂණය කළ “හිම තාරකා”, දැන් ගම්පොළ ආනන්ද සිනමාශාලාවේදී තිරගත වේ.
ජගත් චමිල, අමරසිරි කලංසූරිය, නදී චන්ද්‍රසේකර, විමල් අලහකෝන්, වසන්ති ගුණරත්න, මියුරි සමරසිංහ, මොරින් චාරුණි, මානෙල් වානගුරු, ස්ටැන්ලි ක්‍රිෂ්ණරත්න ආදී ජනපි‍්‍රය නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වන මෙම චිත්‍රපටය ඉතාලියේ පවා ප්‍රදර්ශනය වූ අතර මෙහි සහාය තිර රචනය මාලන් විදානපතිරණගෙනි. නිෂ්පාදනය කාන්ති අලහකෝන්ගෙනි. කැමරාකරණය කිත්සිරි හේවගේ සහ රංග කාරියවසම්ගෙනි. අංග රචනය නාරද තොටගමුවගෙනි. සංගීතය නිමල් ගුණසේකර සහ මනෝජ් පීරිස්ගෙනි. කලා අධ්‍යක්ෂණය රංජිත් රණසිංහගෙනි. සංස්කරණය ගයන්ත සම්පත් සහ මහේන්ද්‍ර සේනාරත්නගෙනි.
ප්‍රවීණ මාධ්‍යවේදියෙකු, පුවත්පත් කතුවරයකු ගීත රචකයකු, ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයකු වශයෙන් හතේ වසම, සාප නොකරව් දරුවනේ, හේමන්තේ වසන්තයක් (ලන්ඩන් -ශ්‍රී ලංකා නිෂ්පාදනයකි.) ආදි ටෙලිනාට්‍ය දහයක් පමණ ඔහු අධ්‍යක්ෂණය කළේය. ඒවායේ රඟපෑ රාජා සුමනපාල, විමල් අලහකෝන් සම්මානයටද පාත්‍ර විණ.
මීට පෙර අධ්‍යක්ෂණය කළ “ඉර සේවය” චිත්‍රපටයද ඔහුගේ සිනමා ජීවිතයේ සන්ධිස්ථානයකි. ඒ එහි රඟපෑ ඉෂාර වික්‍රමසිංහ තමන් රගපෑ මුල්ම චිත්‍රපටයෙන්ම සරසවිය චිත්‍රපට උලෙළේදී හොඳම නැඟී එන නළුවා ලෙස සම්මානයට පාත්‍ර වීමයි.