‘සීයා තාත්තා’ ට රංගන වරම්

ජුනි 30, 2022

කෙටි චිත්‍රපට හා ටෙලි චිත්‍රපට බොහොමයක් අධ්‍යක්ෂණය කළ චාමිකර වටරැකගේ ප්‍රථම ටෙලි නාට්‍යය “සීයා තාත්තා” හි රංගනයට නවක නළු නිළියන්ට ද අවස්ථාවක් හිමිවේ.

ගම සහ නඟරය යා කරමින් මව්පිය සෙනෙහස අහිමි වූ දරුවකු වටා ගෙතෙන “සීයා තාත්තා” ටෙලි සිත්තම කුමාර තිරිමාදුර, අමිල අබේසේකර, උමයංගනා වික්‍රමසිංහ, මොරීන් චාරුණි, යන රංගන ශිල්පීන් අතින් හැඩවෙද්දි ඔවුන් සමඟින් රංගනයේ යෙදෙන්නට නවක නළු නිළියන්ට අවස්ථාවක් ලබා ගැනීමට හැකියි. ඒ සඳහා වන මූලික පරීක්ෂණය ලබන සෙනසුරාදා (ජූලි 02) පැවැත්වෙන අතර අනතුරුව පැවැත්වෙන වැඩමුළුවටද නොමිලේ සහාභාගි වන්නට රංගනයට කැමැති ඔබ මෑතකදී ගත් ඡායාරූපයක් සමඟ ඔබගේ විස්තර 071-5726542 යන අංකයට වට්සැප් කරන්න.