නියම වැඩක්

දෙසැම්බර් 27, 2018

 කලාකාමී හදවතක සිතුවිලි තේරුම් ගන්න හැකියාව තිබෙන්නේ කලාකාමී හදවතකටම තමයි. අප කලාකරුවන්ට කලා සහෘදයින් කියා අමතන්නේ ඒ නිසයි. ඉකුත් දිනයකදී ෆ්ලෑෂ්බෑක් නායක රොෂාන් ප්‍රනාන්දු ඉතා උතුම් කර්තව්‍යයක නියැලුණා. ඒ ගැන රටම කතා කළේ රෙෂාන් පිළිබඳ ඉහළින් වර්ණනා කරමිනි. සූරියවැව ළහිරු නමැති තරුණයා ඩ්‍රම්ස් වාදනයට අති දක්ෂයෙක්.

දිළිඳු පවුලකට දාව උපන් ඔහුට ඩ්‍රම් සෙට් එකක හිමිකරුවකු වීම හීනයක්ම වුණා. ඒ නිසා එක්ස්රේ කොළවලින් තමන්ම තනාගත් ඩ්‍රම් සෙට් එකකින් සිය හැකියාව පෙන්වා එය වීඩියෝ ගත කර ඔහු අන්තර් ජාලයට එකතු කළා. බහුතරයක් ළහිරුව දැක ගත්තෙ එහෙම. ෆ්ලෑෂ්බෑක් රොෂාන්ටත් මෙය දක්නට ලැබුණා. ඔහු කඩිනමින් ළහිරුට ඩ්‍රම් සෙට් එකක් පිරිනමන්න තීරණය කළා. ළහිරු තමන්ට අනපේක්ෂිත අන්දමින් හිමි වුණු ත්‍යාගය ගැන කතා කළේ විස්මයෙන් යුතුව. අවසානයේ කලා ලොවේ දැවැන්තයකු තරුණයකුට උදවු කළේ අනාගතයට මාවතක් ද පාදා දෙමිනුයි.