ඉත්තෝ-3 ලෑස්ති වෙයි

අගෝස්තු 22, 2019

සියත රූපවාහිනී නාළිකාව ඔස්සේ විකාශනය වන සුනෙත් මාලිංග ලොකුහේවා අධ්‍යක්ෂණය කළ ඉත්තෝ රහස් පරීක්ෂක ටෙලි නාට්‍ය මාලාවේ දෙවන කතා ප්‍රබන්ධය (Season 2) මේ වන විට විකාශනය ආරම්භව ඇති අතර තුන්වන අදියරේ (Season 3) රූපගත කිරිම් ද සිදුවෙමින් පවතී. කොටස් සියයකින් සමන්විත මෙම කතා මාලාව කොටස් විසිපහෙන් විසිපහට වෙනත් මානයන්ට ප්‍රේක්ෂකයා රැගෙන යන බව නිෂ්පාදන කණ්ඩායම පවසයි. ප්‍රථම අදියරේ රඟපෑ රොෂාන් රණවන, උදාරි පෙරේරා, ශ්‍රියන්ත මෙන්ඩිස්, දමයන්ති ෆොන්සේකා, අමිල කරුණාරත්න, තිළිණි පෙරේරා, නිමේශා මදුශානි, චමිර ලියනගේට අමතරව දෙවන අදියර සඳහා කුසුම් රේණු, ජනක් ප්‍රේමලාල්, සචිනි වික්‍රමසිංහ, හිරුණි රණසිංහ, මිලින්ද පෙරේරා, කුමාර රණේපුර, ඇතුළු ජනප්‍රිය නළු නිළියන් පිරිසක් රංගනයෙන් එක්ව ඇත. කැමරා අධ්‍යක්ෂණයෙන් ස්ටයිනර් මැක්ලේන් ඇඩැම්, සංස්කරණයෙන් රෙශාන් මදුශංක රාජපක්ෂ, අංග රචනයෙන් තාරක අධිකාරි, ගීත ගායනයෙන් මිහිදු ආරියරත්න, ගීත රචනයෙන් දිල්ශාන් පතිරත්න, සංගීත අධ්‍යක්ෂණයෙන් කේෂාන් පෙරේරා, කලා අධ්‍යක්ෂණයෙන් සුරේන් රාජපක්ෂ ද දායකවන ඉත්තෝ ටෙලි මාලාවේ තිරපිටපත් රචනය කාවින්ද මලවිආරච්චි, ප්‍රියනාත් විදානපතිරණ සහ නිලංක ඇලෙක්සැන්ඩර් ගෙනි. තිර පිටපත් අධීක්ෂණය සහ අධ්‍යක්ෂණය සුනෙත් මාලිංග ලොකුහේවා ගෙනි.