වර්ෂ 2023 ක්වූ December 07 වැනිදා Thursday
මහාචාර්ය සනත් නන්දසිරිගේ රසානන්දය 04 දා

ජ්‍යෙෂ්ඨ සංගීතවේදී මහාචාර්ය සනත් නන්දසිරිගේ ගීත සියයක පදමාලා සහ ස්වර ප්‍රස්ථාර ඇතුළත් වූ රසානන්දය කෘතිය එළඹෙන සැප්තැම්බර් මස 04 වැනිදා සවස ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී එළිදැක්වේ. මෙය අනුර වන්නිආරච්චිගේ සංස්කරණයකි. සනත් නන්දසිරි වසර පණහකට අධික කාලයක් තුළ ගැයූ ගීත එතුමාණන්ගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ හඬින් රස විඳීමට මෙදින කටයුතු සම්පාදනය කොට තිබේ. එම ගීත නිර්මාණයේදී සිදු වූ අපූරු අත්දැකීම් බෙදා ගැනීම මෙහිදී සිදුවේ. මෙහිදී මහාචාර්ය සනත් නන්දසිරිට හරසර දැක්විමට ද සැලසුම් කොට තිබේ. මෙම සොඳුරු අවස්ථාවේ කතිකාව සඳහා ආචාර්ය ප්‍රණීත් අබේසුන්දර, ආචාර්ය නුවන් නයනජිත් කුමාර, ලාල් ආනන්ද අබේධීර සහභාගිවීමට නියමිතය. උත්සවය මෙහෙයවනු ලබන්නේ විදුර ඩයස් අභයගුණවර්ධන සහ ප්‍රසන්න චන්දන බණ්ඩාරයි. විශාරද සිදත් සෝමසුන්දර ප්‍රමුඛ ගුවන් විදුලි වාද්‍ය මණ්ඩලය මෙම අවස්ථා සංගීතයෙන් රස ගන්වනු ඇත. පුරා පණස් තුන් වසරක අඛණ්ඩ සංගීත චාරිකා මහිමයක් ඇති මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ වත්මන් කුලපතිවරයාය.