ලාල්ට දිගින් දිගට කොලිවුඩ් චිත්‍රපට

අගෝස්තු 29, 2019

දිගින් දිගටම දකුණු ඉන්දීය සිනමාපටයන්හි රංගනය සඳහා ඇරැයුම් ලැබූ ලාල් වීරසිංහ තවත් දකුණු ඉන්දීය සිනමාපටයක රංගනයේ යෙදෙන බව සරසවියට වාර්තා විය. එම චිත්‍රපටය නම් කොට ඇත්තේ තුප්පාකි එන් කදෙයි යනුවෙනි. සුප්‍රසිද්ධ දකුණු ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂ විජෙයි විසින් මෙය අධ්‍යක්ෂණය කරනු ලබයි. පිච්චාමනි තුප්පාකි එන් කදෙයි චිත්‍රපටයේ නිෂ්පාදකවරයාය. මාඝ ලක්ෂ්මි, මාරි ජෝර්ජ්, නිශාන්ත් සහ ඩැනිලි සෙසු ප්‍රධාන චරිත රඟනු ලබති. ලාල් මීට ප්‍රථම රඟපෑ දකුණු ඉන්දිය සිනමාපටය අන්ද නිමිදම් හි වැඩ කටයුතු මේ වන විට නිමව තිබේ.