වර්ෂ 2023 ක්වූ September 25 වැනිදා Monday
සිව්වැනි වරටත් Massco මාධ්‍යශූරී සම්මානය ආචාර්ය නුවන්ට

සරසවිය පුවත්පතෙහි ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය කර්තෘ ආචාර්ය නුවන් නයනජිත් කුමාර Massco මාධ්‍යශුරි සම්මානයට පාත්‍ර විය. මේ ඔහු එම සම්මානයෙන් පිදුම් ලැබූ සිව් වැනි වතාවය. ලංකා ජන සන්නිවේදකයන්ගේ සංගමය මඟින් වාර්ෂිකව සංවිධානය කරන Massco සම්මාන උලෙළ පෙරේදා පැවැත් වූයේ කොළඹ රමාඩා හෝටල් පරිශ්‍රයේදීය. ඒ මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙනි. ආචාර්ය නුවන් නයනජිත් කුමාර 2015, 2016 සහ 2018 යන වර්ෂවලදී ර්චඵඵජධ සම්මානයෙන් පිදුම් ලැබීය. සිවවැනි වතාවට ඔහු සම්මානයට පාත්‍ර වනුයේ වාර්තාවක් ද තබමිනි. සිනමා විෂයය අරභයා ඔහුගේ පුරෝගාමී ආචාර්ය උපාධියටත්, සිනමා සාහිත්‍යයට, පුවත්පත් කලාවට, කලා විචාරයට සහ පර්යේෂණය යන ක්ෂේත්‍රයන්ටත් ඔහුගෙන් ඉටු වූ ප්‍රශස්ත මෙහෙවර අගයමින් ඔහු මෙවර ද ර්චඵඵජධ සම්මානයෙන් පිදුම් ලැබුවේය. ආචාර්ය නුවන් ප්‍රවීණ කලා විචාරකයකු මෙන්ම විශ්වවිද්‍යාල බාහිර කථිකාචාර්යවරයකු ද වේ.
..................................................................................................................................................................................
විජය ගී තරුව හත්වැන්නට අයැදුම්පත්
අභාවප්‍රාප්ත විජය කුමාරතුංගයන් සමරමින් වාර්ෂිකව පවත්වන විජය ගී තරුව හත්වැනි අදියර එළඹෙන වසරේ පෙබරවාරි 16 එනම් විජය වියෝ වී තිස් දෙවසරක් පිරෙනදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කොට ඇත. මෙම තරගාවලියේ පළමු වටය එළඹෙන ඔක්තෝබර් මස 09 වැනිදා පැවැත්වීමට නියමිත අතර සමස්ත තරගාවලිය වට ත්‍රිත්වයකින් සමන්විතය. විජය ගී තරුව සඳහා වයස් සීමාවකින් තොරව ගායන හැකියාව ඇති ඕනෑම කෙනෙකුට අයැදුම් කළ හැකිය. සභාපති, අනුර ශ්‍රීනාත්, විජය කුමාරතුංග අනුස්මරණ සහෘද කලා සංසදය, 207/4 බී, සරසි, ඉහළ බියන්විල, කඩවත යන ලිපිනයට ඉල්ලුම් පත්‍ර එවිය හැකි අතර මෙම මස 25 වැනිදාට ප්‍රථම ඒවා යොමු කළ යුතුය. විජය ගී තරුව අභිෂේක කරනුයේ ශී‍්‍ර ලංකා ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රයේ පැවැත්වෙන අවසාන තරගාවලියේදීය. ප්‍රවීණ විනිශ්චය මණ්ඩලයක් යටතේ තරගාවලිය පැවැත්වෙන අතර විජය කුමාරතුංග අනුස්මරණ සහෘද කලා සංසදය මෙය සංවිධානය කරයි.
..................................................................................................................................................................................
රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදාමෝත්සවය අද ජනපති ප්‍රධානත්වයෙන්
රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය අද (12) ප. ව. 3.00 ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හා නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ සහභාගිත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ. මෙම රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදාමෝත්සවයේදී 2018 වර්ෂය තුළ සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂාත්‍රයෙන්ම ප්‍රකාශිත විශිෂ්ටතම නිර්මාණාත්මක ග්‍රන්ථ හා ශාස්ත්‍රීය ග්‍රන්ථ රචනා කළ ලේඛක ලේඛිකාවෝ රාජ්‍ය සම්මානයෙන් බුහුමන් ලබති. නවකතා, කෙටිකතා, කාව්‍ය, ගී, නාට්‍ය, යොවුන් සාහිත්‍යය, ළමා සාහිත්‍යය, විද්‍යා සාහිත්‍යය, සිනමා හා රූපවාහිනී නිර්මාණ, සාහිත්‍යය යන සාහිත්‍ය ක්ෂේත්‍රවල ස්වතන්ත්‍ර හා පරිවර්තිත සාහිත්‍ය කෘති ද ශාස්ත්‍රීය හා පර්යේෂණ ස්වතන්ත්‍ර හා පරිවර්තිත කෘති ද විවිධ විෂයය ග්‍රන්ථ යටතේ මානව ශාස්ත්‍ර, සමාජ ශාස්ත්‍ර හා පරිවර්තිත කෘති සඳහා මෙම රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානය කරනු ලැබේ.
එමෙන්ම සාහිත්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් කළ දීර්ඝකාලීන සේවා දායකත්වය උදෙසා පිදෙන උසස්ම රාජ්‍ය සම්මානය වන සාහිත්‍යරත්න අභිධානය ද සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන ක්ෂේත්‍ර සඳහා ජ්‍යේෂ්ඨ සාහිත්‍යවේදීන් තිදෙනෙකුට ප්‍රදානය කෙරේ. සාහිත්‍ය කෂේත්‍රයට අදාළව විවිධ පර්යෝලෝක ඔස්සේ රචිත ශාස්ත්‍රීය ලේඛන පනහකින් සමන්විත ‘සාහිත්‍ය විශේෂ කලාපය’ ද මෙදින එළිදැක්වීමට නියමිතය.ඝ