වර්ෂ 2023 ක්වූ December 06 වැනිදා Wednesday
සරත්ගෙන් ගී තැටියක්
සැප්තැම්බර් 12, 2019

ගායන ශිල්පී සරත් දිසානායකගේ කුලුඳුල් සංයුක්ත තැටිය ‘ඔබ යන්න දැන්’ පසුගියදා ජනගත කෙරිණ. මෙහි ගීත දහයක් අන්තර්ගත වන අතර ඉන් ගීත නවයකම පද රචනය සහ සංගීතය සරත් විසින් නිම කොට තිබේ. අනෙක් ගීතය චතුර වර්ණසේකර නිර්මාණය කොට ඇත. සංගීත සංයෝජනය දර්ශන රාජමන්ත්‍රිගෙනි. 1988 වසරේදී සරත් සිය පළමු ගීතය සඳ තරු නමින් එළි දැක්වීය. කලක් සංගීත ක්ෂේත්‍රයේ රැඳී සිටි සරත් කැලිප්සෝ ගායකයකු ලෙස ද කටයුතු කළේය.