නොම්බරේ කාගෙද?

ඔක්තෝබර් 3, 2019

ජාතික රූපවාහිනියේ මේ දිනවල විකාශය වෙනවා රසික ආකර්ෂණය දිනාගත් නාට්‍යයක්. ඒකෙ නම මිණිකිරණ. විජිත මංජුල සිංහපෘථිවි තමයි එය අධ්‍යක්ෂණය කරන්නේ. මේ නාට්‍යයේ සුරාජ් මාපා කරපු වැඩක් නිසා එක්තරා පුද්ගලයෙක් සොඳුරු අමාරුවක වැටිලා. සිද්ධ වෙලා තියෙන්නෙ මේකයි. නාට්‍යයේ දර්ශනයක තිබෙනවා සුරාජ් තමන්ගේ දුරකතන අංකය වෙන කෙනෙකුට ලබාදෙන. ඔහුට ඒ සඳහා අංකයක් පැවසිය යුතු වෙනවනෙ. සුරාජ් දුරකතන අංකයක් කියනවා නාට්‍යයේ. ඒ කොටස විකාශය වුණායින් අනතුරුව අර දුරකතන අංකයට හෝ ගාලා කෝල්ස් එනවලු. ටෙලි නාට්‍ය නරඹන, විශේෂයෙන්ම ගැහැනු ළමයි හිතලා තියෙන්නෙ ඒක සුරාජ්ගෙ ඇත්තම දුරකතන අංකය කියලා. මේ වෙලවේ ඉඳලා ඒ දුරකතන අංකය හිමි තැනැත්තා කම්මුලට අතකුත් තියාගෙන දුරකතනය දිහාවත් නොබලා ඉන්නවලු. වෙන කවුරුවත් නෙවෙයි ඒ තමයි මිණිකිරණ නාට්‍යයේ කැමරා අධ්‍යක්ෂක චන්දන ධර්මප්‍රිය.