වර්ෂ 2023 ක්වූ September 28 වැනිදා Thursday
යාපනය සිනමා උලෙළේදී

ස්වර්ණ මල්ලවාරච්‍චි යාවජීව සම්මානයෙන් පිදුම් ලබමින්...
වී.කේ ජෝශප් යාවජීව සම්මානයෙන් පිදුම් ලබමින්...
අධ්‍යක්ෂවරයාගේ පළමුවෙනි චිත්‍රපටය සඳහා සම්මාන දිනූ ප්‍රදීපන් වෙනුවෙන්
මව සහ පියා සම්මානය ලබාගනිමින්...
සිනමාව වෙනුවෙන් කරන මාධ්‍ය මෙහෙවර උදෙසා සම්මාන ලැබූ
සරසවිය කර්තෘ අරුණ ගුණරත්න, ඩේලි මිරර් නියෝජ්‍ය කර්තෘ රමේෂ් උවයිස් සහ
ලංකාදීප විශේෂාංග කර්තෘ සමන්ත යහම්‍පත්...
සඳුදා එනම් 9 වැනි දා රාත්‍රියේ යාපනයේ මැජස්ටික් සිනමා සංකීර්ණයේ ප්ලැටිනම් සිනමාහලේ පැවැත්වුණ යාපනය අන්තර්ජාතික සිනමා උලෙළේ සම්මාන ප්‍රදානයේ දී අධ්‍යක්ෂවරයාගේ පළමු චිත්‍රපටයට හිමි සම්මානය දැනට ප්‍රංශයේ වෙසෙන සිනමාකරුවකු වන ‘සවුන්ඩ්ලස් ඩාන්ස්’ චිත්‍රපටය තැනූ ප්‍රදීපන් රවීන්ද්‍රන් විසින් දිනා ගන්නා ලදී. ඔහු වෙනුවෙන් එම සම්මානය ඔහුගේ මව්පියන් විසින් ලබා ගැනීම විශේෂයකි. සුබා ශිවකුමාරන්ගේ ‘හවුස් ඔෆ් මයි ෆාදර්ස්’ හා ඉන්දියාවේ අමිතාබ් චැටර්ජි ගේ ‘මනෝහර් ඇන්ඩ් අයි’ චිත්‍රපට නාම යෝජනා දිනා ගන්නා ලදී.
හොඳම කෙටි චිත්‍රපටයට හිමි සිලෝන් තියටර්ස් සම්මානය භවනීතා ලෝගනාදන් විසින් ‘ජෙනරේශන්’ චිත්‍රපටය වෙනුවෙන් දිනා ගත්තාය. එහි ප්‍රේක්ෂක සම්මානය වනිතා සේනාධිරාජා ‘ද රුයින්ස්’ වෙනුවෙන් දිනා ගත්තාය. උලෙළේ යාවජීව සම්මාන ස්වර්ණා මල්ලවආරච්චි හා ඉන්දියාවේ වී.කේ.ජොසප් ට පිරිනැමිණ.
උතුරේ සිනමා උලෙළ පස් වසරක් මුළුල්ලේ දකුණට සමීප කිරීම වෙනුවෙන් සම්මාන පිදීම විශේෂයක් විය. සරසවිය පුවත්පත වෙනුවෙන් කර්තෘ අරුණ ගුණරත්න සම්මානය ලබා ගත්තේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව අතිනි. ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදීන් වූ රමේශ් උවයිස් (ඩේලි මිරර් නියෝජ්‍ය කර්තෘ) සමන්ත යහම්පත් (ලංකාදීප විශේෂාංග කර්තෘ) ද මෙම සම්මානයෙන් පිදුම් ලැබූහ.