ගම්පහින් ළමා ගායකයෙක් ඕෂද පසිඳු...

පෙබරවාරි 27, 2020

'සෙල්ලම් කාලේ' හා 'යහළුවෝ' ගී යුගලෙන් එක් රැයින් ජනප්‍රිය වූ දස හැවිරිදි, ඕෂද පසිඳු මල්ලවආරච්චි ලංකා ගායන ක්ෂේත්‍රයට බිහිවන අලුත්ම ළමා ගායකයාය. ළමා ගායකයන්ගේ ස්වතන්ත්‍ර ගීත, අවමයෙන් බිහිවන මෙවන් වකවානුවක ඕෂද පසිඳුගේ එකී ගී යුගල අද ශ්‍රාවකයන්ගේ නොමද ප්‍රශංසාවට පත් වී ඇත. ගම්පහ සුමේධ විද්‍යාලයේ ඉගෙනුම ලබන ඕෂද පසිඳු මල්ලවආරච්චි,ගේ සංගීත හැදෑරීම සිදුවන්නේ හේෂාන් ගමගේ සංගීත ආචර්ය තුමා ගෙනි.

ශෝන් මැක්ස්මස් දිසානායකගේ ගේය පද හා ගී තනු නිර්මාණයක් වූ 'සෙල්ලම් කාලේ' හා 'යහළුවෝ' ගීත යුගල සංගීතවත් කළේ ප්‍රදීප් ග්‍රේරෝ ය. මෙම ගී යුගලම යූ නාලිකාවෙන් නැරඹිය හැකිය. මෙවර ශිෂත්ව විභාගෙන් ඉහළ සමාර්ථ්‍යක් ලද ඕෂද පසිඳු මල්ලවආරචිචිගෙ නවතම ගීත කීපයක් ඉදිරියේ අසන්නට ලැබේවි. ළමා ස්වතන්ත්‍ර ගීත ඉඩෝරයට මහවැස්සක් වන්නට උත්සහා කරන ළමා ගායක ඕෂද පසිඳු මල්ලවආරච්චිට 'සරසවියෙන්' ශුභාසිරි.