විජයගේ සිතුවම් කළ රුවක්

පෙබරවාරි 27, 2020

මානව හිතවාදී කලාකරු විජය කුමාරතුංගයන්ගේ තිස් දෙවැනි ගුණ සමරුව නිමිති කර ගනිමින් ඔහුගේ සිතුවම් කළ රුවක් ඉකුත් දා විවෘත කෙරිණි. වත්තල හැඳල මරදාන පාරේ දෙවැනි හරස් මඟෙහි තාප්පයක මෙය සිතුවම් කොට තිබිණ. විමෝද්, ශේන්, ඉසුරු, තිමොති, නවීශ, සුජිශ්වරන් නමැති තරුණ කැළ විජයගේ රුව සිතුවම් කරන ලදී.

මෙය විවෘත කරනු ලැබවේ විජය කුමාරතුංගගේ සමීපතම මිතුරන් දෙදෙනකු වන ස්ටැන්ලි පට්ටිවිදාන සහ නඩරාජා විසිනි.

 


රම්මුතුගලදී චිත්‍ර ප්‍රදර්ශනයක්

 
එළඹෙන මාර්තු 1, 2, 3 දිනයන්හි කඩවත මහර රම්මුතුගල ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී චිත්‍ර ප්‍රදර්ශනයක් පැවැත්වේ.  මේ සඳහා ප්‍රවීණ චිත්‍ර ශිල්පීන් වන ගොංගිතොට ප්‍රේමරත්න, දයා වරාවිට, කොළොන්නවේ විජේසිරි, ප්‍රේමතිලක සිංහල ආරච්චිගේ, හේමතිලක බණ්ඩාර, සිරිපාල දේශප්‍රිය හා හේමන්ත රත්නසිරි යන අයගේ චිත්‍ර ප්‍රදර්ශනය කෙරේ.  
 
කාවින්ද්‍යා