චරිතාට වත්තලදී සම්මානයක්

මාර්තු 5, 2020

වත්තල හේකිත්ත සිරි සුගත ධම්මිකාශ්‍රම විහාරාධිපති පූජ්‍ය වෙන්නප්පුවේ චන්ද්‍රානන්ද හිමියන්ගේ සංකල්පයක් අනුව ගීත කලාවට සේවාවක් සැලසූ කලා ශිල්පීන් වාර්ෂික ඇගයීමේ උලෙළින් මෙවර විශාරද චරිතා ප්‍රියදර්ශනී පීරිස් අගයනු ලැබුවාය.

නැසීගිය සංගීතඥ සෝමපාල රත්නායක, ගායන ශිල්පිනියන් වූ ආචාර්ය සුජාතා අත්තනායක සහ විශාරද ප්‍රදීපා ධර්මදාස යන මහත්ම මහත්මින් මෙයට පෙර උපහාර ලැබූහ.

ඉකුත් දා එම විහාරස්ථ ශිෂ්‍ය නායක පදක්කම් පැලඳවීමේ උත්සවයට සමගාමීව පැවැති එම ඇගයීම් උලෙළෙහිදී සම්මානය සඳහා දායකත්වය ලබාදුන් සුගන්ධිකා ෆොන්සේකා මහත්මිය සමඟින් මුනුපුරු තිසෙව් විමුක්ති ද, ප්‍රවීණ ගායක, විශාරද එඩ්වඩ් ජයකොඩි මහතා ද මෙහි වේ.

සටහන හා සේයාරුව - ජෝශප් පයස් 
වත්තල විශේෂ