වාද්‍ය ශිල්පියා සාම විනිසුරු පදවි ලබයි

මාර්තු 5, 2020

වාද්‍ය ශිල්පී වීරසිරි ලක්ෂ්මන් ප්‍රනාන්දු මුළු දිවයිනටම බලපාන පරිදි සාම විනිසුරුවරයකු ලෙස පත්වීම් ලැබීය.

තබ්ලා වාදන ශිල්පියෙකු ලෙස 1964 දී කලා ක්ෂේත්‍රයට පිවිසි වීරසිරි ප්‍රවීණ කලා ශිල්පීන් ඇසුරු කරමින් ලබාගත් පන්නරය නිසා ජනප්‍රිය නාට්‍ය හා චිත්‍රපට ගණනාවකම වාදන ශිල්පියෙකු ලෙස කටයුතු කිරීමේ භාග්‍ය උදාවුණි.

ලක්ෂ්මන් 2013 වසරේ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මඟින් ‘කලාභූෂණ’ රාජ්‍ය සම්මානය ද පිරිනැමිණ. කළුතර ඥානෝදය විද්‍යාලය, කෝට්ටේ විහාර පාසල, කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය හා ඇතුල් කෝට්ටේ පැරකුම්බා පිරිවෙනේ ආදි ශිෂ්‍යයෙකි.

(ගීත් ද මැල්)