කොවිඩ් 19 ට පසු එන පළමුවැනි චිත්‍රපටය

THE NEWS PAPER අද තිරයට
ජූලි 2, 2020

 

සරසවිය සම්මාන දිනූ සිනමා නිෂ්පාදක ආචාර්ය බන්දුල ගුණවර්ධන නිෂ්පාදනය කළ නවතම සිනමාපටය ද නිවුස් පේපර් අද සිට දිවයින පුරා සිනමා ශාලාවන්හි තිරගත වීම ආරම්භ වේ. රවීන්ද්‍ර ගුරුගේ සහ එච්. ඩී. ප්‍රේමසිරි සම නිෂ්පාදනයෙන් දායක වූ මෙය සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුරගේ සම අධ්‍යක්ෂණයකි.

 

කුමාර තිරිමාදුර, සරත් කොතලාවල, නෙතලි නානායක්කාර, ජයලාල් රෝහණ, ධර්මප්‍රිය ඩයස්, ගිහාන් ප්‍රනාන්දු, සරත් චන්ද්‍රසිරි, උමයංගනා වික්‍රමසිංහ, පුබුදු චතුරංග, මාෂි සිරිවර්ධන, දිමුතු චින්තක, වසන්ත මොරගොඩ, වසන්ත කුමාරවිල, චින්තක වාස් ඇතුළු පිරිස ද නිවුස් පේපර් රංගනයෙන් හැඩ කරති. චිත්‍රපටය ආරම්භක දින එනම් අද (02) සිට ද නිවුස් පේපර් තිරගත වන සෑම සිනමාශාලාවකම උදෑසන 10.30 දර්ශනය නොමිලයේ නැරඹීමට සිනමාලෝලීන්ට අවස්ථාව උදාවේ. එමෙන්ම කොවිඩ් මර්දනයට සහාය වන සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට, ත්‍රිවිධ හමුදාවට, පොලීසියට සහ මාධ්‍යවේදීන්ට තම නිල හැඳුනුම්පත භාවිත කරමින් ද නිවුස් පේපර් නැරැඹීමට ඉඩහසර වෙන් කොට තිබීම ද විශේෂත්වයකි. සිනමාපටයේ විශේෂ දර්ශනයක් වැල්ලවත්ත සැවෝයි ප්‍රිමියර් ශාලාවේදී ඉකුත් සඳු දින පැවැත්විණ. මේ එහි අවස්ථා කිහිපයක් නිශ්ශංක විජේරත්නගේ කැමරාවෙහි සටහන් වූ අයුරුයි.

 

සිනමාපටය නරඹන මාධ්‍යවේදීන්

 

 

 

පරාක්‍රම නිරිඇල්ල සහ කිංග් රත්නම්