ජෝතිපාලයන්ගේ සමරුවට

පුෂ්පෝපහාරයක්
ජූලි 9, 2020

 

අසහාය ගායන ශිල්පී නැසී ගිය එච්. ආර්. ජෝතිපාලයන්ගේ 33 වැනි ගුණ අනුස්මරණය සමරමින් පුෂ්පෝපහාරයක් ඉකුත් ජූලි 7 වැනිදා බොරැල්ල සුසාන භූමියේ පිහිටි ජෝති සමරු ඵලකය අසලදී සිදු විය. ජෝතිපාලයන් අප අතරින් වියෝ වූයේ ද ජූලි මස 7 වැනිදාය. ජෝතිපාලයන්ගේ ගුණ සමරු සමාජයේ සභාපතිනි එතුමාගේ දියණි ක්‍රිෂ්ණි නර්මදා ජෝතිපාල ඇතුළු ජෝති සහෘදයන් රැසක් මෙම පුෂ්පෝපහාරය සඳහා සහභාගි වී සිටියහ.