සාරංග - ඩිනක්ෂි දෙබස් කැවූ සසර කින්නරාවි

ජාතික රූපවාහිනියේ
ජූලි 9, 2020
 
 
 
සම්මානනීය දකුණු කොරියානු රූපවාහිනී මාලා නාටකයක් වන ලෙජනඩ් ඔෆ් ද බ්ලූ සී සිංහලෙන් හඬ කවා සසර කින්නරාවි නමින්  මේ මස 11 වැනිදා සෙනසුරාදා සිට  සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම රාත්‍රී 7.30 ට ජාතික රූපවාහිනියෙන් විකාශය වේ. මෙහි ප්‍රධාන චරිතය වන ජුන් ජේ වෙනුවෙන් සාරංග දිසාසේකර හඬ කවා ඇති අතර සේ හ්වා නමැති පෙම්වතියගේ චරිතයට උමා අසෙනි හඬ දායකත්වය ලබා දී තිබේ. ඩිනක්ෂි ප්‍රියසාද්, හර්ෂ ආරියසිංහ, චිරන්ත රන්වල, ඉනෝකා බොතේජු, ජනනාත් බණ්ඩාර, පූර්ණිමා විදේශිකා, ෆර්නි රෝෂිනි, නිමල් ජයසිංහ,  සම්පත් ජයවීර, තේජානි විජේසිංහ, ඩිෂාන් ශමින්ද, ලක්මාල් වෙලේගෙදර, හංසි සාරා සසර කින්නරාවි සඳහා දායක  වන හඬ නළු නිළියන්ය.
ලෙජන්ඩ් ඔෆ් ද බ්ලූ සී 2016 වසරේ මුල්වරට දකුණු කොරියාවේ එස් බී එස් නාළිකාවේ විකාශය විය.
 
කොරියාවේ අතිශය ජනාදරයට පාත්‍ර වූ ලී මින්, ජන් ජී හියුන්, ලී හී ජුන් ෂින් වොන් හු ඇතුළු නළු නිළියන් රැසක් මෙහි චරිත මවා තිබේ.
හඬකැවීම් අධ්‍යක්ෂණය වජිර කුමාරි විතානගේගෙනි. තේමා සංගීතයෙන් සදීප්ත ගුණවර්ධන, ගී පද රචනයෙන් උමා අසෙනි, ගායනයෙන් භාචි සුසාන්, හිරුෂ ජයසේන දායක වී  සිටියි. අකුරු තේමා ගී පද රචනය කාංචනා අනුරාධි, වගීෂා සල්ගාදු සහ සිතුමිණි මැද්දෙගොඩ විසිනි. සිතුමිණි මැද්දෙගොඩගේ මෙහි පරිවර්තිකාවය. හඬමුසුව බුද්ධික සම්පත් ෆොන්සේකා සහ තේමා සජීවිකරණය චරිත බණ්ඩාර රණසිංහ, සංජය ගුණරත්නගෙනි.