සිංහල-දෙමළ-ඉංග්‍රීසි-හින්දි සමඟ ස්කෝප් හෙට ඇරැඹේ

ලබන සතියේ සිට සරසවිය පාඨකයන්ට ප්‍රවේශපත්‍ර දිනාගන්න තරගයක්
ජූලි 9, 2020

කලම්බු සිටි සෙන්ටර් හි පිහිටි ස්කෝප් සිනමාශාලා දැඩි සෞඛ්‍යාරක්ෂක ක්‍රමවේද මැද හෙට (10) සිට යළි මහජන ප්‍රදර්ශනයට විවෘත වනු ඇත. ද නිව්ස්පේපර්ස් චිත්‍රපටය මෙන්ම බ්ලඩ් ෂොට්, ජුමාන්ජි, 1917 ඕක්වර්ඩ් සහ සොනික් , ඩූ ලිට්ල්, බර්ඩ්, ඔන් ෆ්‍රේ, ද කෝල්ඩ් ඔන් වයිල්ඩ්, බාගි 3 යන චිත්‍රපට තිරගත වනු ඇති බව එහි අලෙවි හා වෙළෙඳ කළමනාකාර ජයරත්න ගලගෙදර මහතා සරසවියට පැවසීය.

ලබන සතියේ සිට ස්කෝප් සිනමා ශාලාවන්ගේ චිත්‍රපට නැරඹීම සඳහා අවස්ථාවක් හිමි වනු ඇත. ඒ සඳහා ලබන 16 වැනිදා සරසවිය පුවත්පත කියවන ජයග්‍රාහකයන් වෙනුවෙන් ස්කෝප් සිනමා සංකීර්ණයේ සිනමාපටයන් නැරැඹීමට ටිකට්පත් පිරිනැමීම සිදු කෙරේ.