වර්ෂ 2023 ක්වූ December 07 වැනිදා Thursday
සිහින සමීකරණ සමඟ නව අධ්‍යක්ෂවරයෙක්

සහාය අධ්‍යක්ෂවරයකු ලෙසට නමක් දිනා සිටි සසික හේරත් සිනමා අධ්‍යක්ෂණයට පිවිස සිටියි. ඔහු කුලුඳුලේ නිර්මාණය කළ සිනමාපටය නම් කොට ඇත්තේ සිහින සමීකරණ යනුවෙනි. සොඳුරු ආදර කතාවක් වන මෙහි අශාන් ඩයස්, සජිත ඇන්තනී, කසුනි කාවින්දි, මොරීන් චාරුනී, රන්දික ගුණතිලක, රෙබෙකා දිල්රුක්ෂි , වසන්ත විට්ටච්චි, නයනා හෙට්ටිආරච්චි, සුජීව ජාගොඩ, පූජන දන්දෙණිය රංගනයෙන් දායක වෙති. ආචාර්ය චරිත් ජයතිලක සහ ධම්මික ගීකියනගේ සිහින සමීකරණ නිෂ්පාදකවරුන්‍ය,
කැමරා අධ්‍යක්ෂණය චන්දන ජයසිංහගෙනි, දර්ශන විද්‍යා අරවින්ද තිර රචකයාය, අංග රචනයෙන් ප්‍රියන්ත එස් වන්නිනායක, කලා අධ්‍යක්ෂණයෙන් පියතිස්ස අකුරම්බොඩ, සහාය අධ්‍යක්ෂණයෙන් ඉන්දික ධර්මතිලක, නිෂ්පාදන කළමනාකරණයෙන් හරීන්ද්‍ර පෙරේරා සහ දුමින්ද පෙරේරා මේ සඳහා එක් වූහ. අජිත් රාමනායකගේ සංස්කරණයකි, චින්තක ජයකොඩි සංගීත අධ්‍යක්ෂවරයාය, ශබ්ද පරිපාලනය සසික රුවන් මාරසිංහගෙනි, ආනන්ද බන්ඩාර වර්ණ සංයෝජනය සිදුකොට තිබේ, ගී පද මාලා උපුල් ශාන්ත සන්නස්ගලගෙනි, සුජීව ජාගොඩ විධායක නිෂ්පාදකවරයාය, විශේෂ දෘශ්‍ය ප්‍රයෝග අශාන් අමරසිංහගෙන් ය, බුද්ධි සංජය නිශ්චල ඡායාරූප ශිල්පියාය.