සරසවිය සම්මාන දිනූ ප්‍රියත් ලියනගේ අභාවප්‍රාප්ත වෙයි

නොවැම්බර් 19, 2020

සම්මානනීය සිනමා තිරරචක ප්‍රියත් ලියනගේ අභාවප්‍රාප්ත විය. එංගලන්තයේ ජීවත් වූ ඔහු ජනමාධ්‍යවේදීයකු ලෙස ද නමක් දිනා සිටියේය. බීබීසී සිංහල සේවයේ හිටපු අංශ ප්‍රධානියාදවූ ප්‍රියත්, ප්‍රසන්න විතානගේගේ ඉර මැදියම සිනමාපටයේ තිර රචනය වෙනුවෙන් එම වසරේ හොඳම තිර රචකයා ලෙස සරසවිය සම්මානයට පාත්‍ර විය. දවස තවම තරුණයි සහ දඩයම යන සිනමාපටයන්හි දෙවැනි සහාය අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කළේ ද ප්‍රියත් ලියනගේය. හොරු සමඟ හෙලුවෙන් වේදිකා නාට්‍යයේ සම පරිවර්තකයා ද වූ ප්‍රියත්ගේ අවසන් කටයුතු පසුගියදා සිදු විය.