වර්ෂ 2023 ක්වූ December 07 වැනිදා Thursday
කැන්ඩි ලමිස්සි තේමා ගීතය එළිදක්වයි
නොවැම්බර් 19, 2020

ටෙලි නාට්‍ය හා සිනමා අධ්‍යක්ෂ චාමර පීරිසගේ නිර්මාණ දිවියේ ප්‍රථම සයිබර් නාට්‍ය නිර්මාණය ලෙස reelyf යූ ටියුබ් නාළිකාව වෙනුවෙන් නිර්මාණය කරන ලද කැන්ඩි ලමිස්සි මාලා නාටකයේ තේමා ගීතය ඉකුත් දා ජනගත කෙරිණ. සාරංගනා යනුවෙන් නම් කොට ඇති එය ගායනා කරනු ලබන්නේ ජය ශ්‍රී සංගීත කණ්ඩායමයි. ගීතයේ පද රචනය චාමර පිරීස්ගේ බිරිය වන තුෂානි බුළුමුල්ලගෙනි. මෙය ඇයගේ දහතුන්වෙනි ගී පද රචනයයි. තම ඉලක්ක කරා ගමන් කිරීමට ඔත්තුසේවා සපයන්නියක් ලෙස කටයුතු කරන තරුණියක් වටා මෙම කතා පුවත නිර්මාණය වී ඇත. කැන්ඩි ලමිස්සි කපිල නවරත්නගේ නිෂ්පාදනයකි.