වර්ෂ 2023 ක්වූ December 05 වැනිදා Tuesday
රන් සලකුණ මෙවර මූණු පොතෙන්
නොවැම්බර් 19, 2020

නැසීගිය ජන ගී පර්යේෂක, ජන ගායනා ශිල්පියකු මෙන්ම සංගීත ගුරුවරයකු වූ ලයනල් රන්වලයන්ගේ අසූ එක් වැනි ජන්ම දිනය මෙම මස 27 වැනිදාට යෙදී තිබේ. එතුමා සමරමින් වර්ෂයක් පාසා එම දිනයදා රන් සලකුණ නමින් ජනගී උපහාර ප්‍රසංගයක් රන්වල පදනම මගින් සංවිධානය කරනු ලැබීය. පවතින වසංගත තත්ත්වය මත එය රූපවාහිනී ප්‍රසංගයක් ආකාරයෙන් ගෙන ඒමට ඔවුන් කටයුතු සූදානම් කොට තිබේ. ඒ අනුව විසිහත් වැනි දා පැවැත්වෙන රන් සලකුණ ප්‍රසංගය එදින සවස 6.30 සිට ranwala balakaya සහ ranwala foundation යන ෆේස්බුක් ගිණුම හරහා නැරඹිය හැකිය.