රැෆෙලාගෙන් අලුත් වැඩක්

නොවැම්බර් 19, 2020

මෝස්තර නිර්මාණ ශිල්පිනීයක් සහ ඡායාරූප ශිල්පිනියක් වන රැෆෙලා ප්‍රනාන්දු විසින් ලොක්ඩවුන් කාලසීමාව අලළා කෙරෙන නවතම ව්‍යාපෘතිය වන Vercual Photography Exhibition (භෞතික නොවන ඡායාරූප ප්‍රදර්ශනය) නොවැම්බර් 21 වැනිදා සවස 6 සිට Raffealla Fernando ෆේස්බුක් ගිණුම සහ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම හරහා නැරඹිය හැකිය. මෙවැනි ඡායාරූප ප්‍රදර්ශනයක් ලංකාවේ පවත්වන ප්‍රථම අවස්ථාව මෙය වේ.

ලංකාවේ කලා ශිල්පීන් සහ ශිල්පිනියන් වෙනස්ම ආකාරයකින් හැඩගන්වා ඡායාරූප ගත කරන ඡායාරූප ශිල්පිනියක් ලෙස රැෆෙලා ප්‍රනාන්දු ජනප්‍රිය අතර ඇය විසින් මීට පෙර පළ නොකළ ඡායාරූප මෙම ඡායාරූප ප්‍රදර්ශනය සඳහා යොදාගෙන ඇත. මෙම ඡායාරූප ප්‍රදර්ශනයට සමගාමීව කලාකරුවන් කීපදෙනකු සමඟ එදින එම ඡායාරූප සම්බන්ධයෙන් සාකච්ඡා කීපයක් පැවැත්වීමටද කියමිතය.

කොරෝනා වසංගතයත් සමඟ නිවසට වී සිටින සියල්ලන්ම පාහේ අන්තර්ජාලය ඔස්සේ විවිධ අත්හදා බැලීම් මේ වන විට සිදු කරමින් පවතින අතර මෙම සේයාරූ දැක්මද එවන් අත්හදා බැලීමකී.

මෙම ව්‍යාපෘතියට අමතරව "Style File By Raffealla" නමින් විවිධ සංකල්පයන් ඔස්සේ හැඬගැන්වීම් ශෛලියන් (Styling) ) පිළිබඳව දැනුවත් කිරීම් මාලාවක්ද ඡායාරූපකරණය පිළිබඳව ඉගෙනගන්න කැමැති ආධුනිකයන්ට ඒ සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක්ද අන්තර්ජාලය හරහා කිරීමට සූදානම් වන බව රැෆෙලා ප්‍රනාන්දු සරසවියට පැවසුවාය.