ගවේෂණාත්මක මාධ්‍යවේදිනිය

ජූලි 22, 2021

 

යමී ගෞතම් සහ අධ්‍යක්ෂ ආදිත්‍ය ධාර් සමඟ විවාහ මංගල්‍යය මීට මාස කිහිපයකට පෙර සිදු වූ අතර පවතින වසංගත තත්ත්වය හේතුවෙන් එයට ආරාධනා ලැබූවන් සීමාසහිත විය. විවාහයෙන් අනතුරුව යමී දැන් නැවතත් සේවයට පැමිණ තිබේ. ඇය පසුගියදා සිය නවතම සිනමා නිර්මාණය පිළිබඳ තොරතුරු රසික රසිකාවන් සමඟින් බෙදා ගත්තාය. එහි ඇය ගවේෂණාත්මක මාධ්‍යවේදිනියක ලෙස චරිත නිරූපණයට කිරීමට නියමිතව ඇත.

ත්‍රාසජනක චිත්‍රපටයක් වන එය වත්මන් කාලයේ මාධ්‍ය හැසිරීම මත පදනම් වන බව කියවේ. 'ලොස්ට්' ලෙස නම් කර ඇති එම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ අනිරුද්ධ රෝයි චෞද්රි විසිනි. යමි හැරුණු විට මේ චිත්‍රපටයේ රාහුල් ඛන්නා, පන්කජ් ත්‍රිපාති, නීල් භූපාලම්, පියා බජ්පායි සහ තුෂාර් පාණ්ඩේ රංගනයෙන් දායක වෙති. නවතම සිනමාපටය පිළිබඳ සටහන් කරමින් යමී මෙසේ ලිවීය. "අදට හෝ වෙන කවරදාකටත් වඩා අදාළ වන ලොස්ට්".