ඇය සොයන කතාව

සැප්තැම්බර් 2, 2021

හුමා කුරේෂි 'මහාරාණි' නම් වෙබ් කතා මාලාවේ සිය බලවත් රංගනය තුළින් සෑම දෙනාම මවිතයට පත් කළාය. මේ දිනවල 'බෙල් බොටම්' චිත්‍රපටයේ ඇයගේ නවතම රංගනය දැක ගැනීමට ප්‍රේක්ෂකයන්හට අවස්ථාව ලැබී ඇත. මේ වන විට හුමා කුරේෂි රිදී තිරය සහ ඩිජිටල් අවකාශය යන දෙඅංශයෙන්ම සාර්ථකත්වය ලබා ගැනීමය සමත් වී සිටින්නීය. මෑතකදී ඇය කළ කතාබහකදී මෙසේ පැවසුවාය: "මට වඩාත් වැදගත් කතාවයි. එය කොතැනින් පැමිණියත් කමක් නැහැ. මගේ අභිලාෂය නිළියක ලෙස රැකියාව ඒත්තු ගැන්වෙන පරිදි සහ මගේ උපරිමයෙන් භූමිකාවන් ඉටු කිරීමයි. එහිදී රිදී තිරය ද? ඩිජිටල් අවකාශය ද ? යන්න එතරම් වැදගත් වන්නේ නැහැ".

ඇයගේ නවතම චිත්‍රපටය වන 'බෙල් බොටම්' ඇගේ චිත්‍රපට ගොන්නට එකතු කළ තවත් ත්‍රාසජනක චිත්‍රපටයක් වන අතර ඒ අතර 'බද්ලාපූර්', 'ගැන්ග්ස් ඔෆ් වසෙයිපූර්' සහ 'ඩී-ඩේ' වැනි තවත් චිත්‍රපට නාම කිහිපයක්ම ඇතුළත් වේ. චිත්‍රපට ප්‍රභේදයන් ගැන කතා කරමින් හුමා මෙසේ පැවසුවාය: "මට කිසිදු ප්‍රභේදයක් සඳහා විශේෂත්වයක් නැහැ. දේශපාලන, ත්‍රාසජනක, ඔත්තු බැලීම් හෝ ආදර හැඟීම් වේවා මේ සෑම දෙයක්ම වෙනුවෙන් මම සූදානම්. නමුත් අනිවාර්යයෙන් එය සම්බන්ධ කළ යුතු හොඳ කතාවක් විය යුතුයි. මම සොයන්නේ එයයි. "