කොවිඩ් සමඟ ශරීර සුවතා ගමන

සැප්තැම්බර් 16, 2021

අර්ජුන් කපූර් ශාරීරික යෝග්‍යතාවය සමඟ දිගු ගමනක් පැමිණ සිටී. නව යොවුන් වියේදී තරබාරුකමින් සිටි ඔහු නළුවෙකු වීමට එම කිලෝග්‍රෑම් ප්‍රමාණයෙන් විශාල කොටසක් අඩු කළේය. අර්ජුන් මුලින්ම පුහුණුව ලැබුවේ සල්මන් ඛාන් යටතේ වන අතර දැන් ඔහුගේ පෙනුම පවත්වා ගැනීම සඳහා වෙනම පුහුණුකරුවන් සිටී. පසුගියදා ඔහු ඉන්ස්ටග්‍රම් වෙත ගොස් තමාගේ පින්තූරයක් බෙදා ගනිමින් ඛ්ර්‍ණඍධ්ච්-19 සුවය ලැබූ දා සිට ඔහුගේ ශරීර සුවතා ගමන ගැන ලිවීය.

ඔහු එහි මාතෘකාව ලෙස දැක්වූයේ "වසරක සංවත්සරය" ලෙසිනි. මම කොවිඩ් -19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර වසරක් ගත වී ඇත. එය මගේ ශරීර සුවතා මට්ටම මාස ගණනාවක් පසුපසට තල්ලු කළේය. මට කොවිඩ් වැලඳී ඇත. මම මානසිකව වැටී කලබලයට පත් වූ බව මට මතකය". ඔහු තවදුරටත් පවසා සිටියේ, සියලු පූර්වාරක්ෂාවන් ගැනීමෙන් පසු එයින් මිදීමට දින කිහිපයක් ගත කළ බවයි. "එහෙත් මම නිවැරැදි මාවතෙන් ඉවතට විසි නොවීමට දෙගුණයක් මහන්සි ගතිමි. සුවය ලැබීමේදී පිරිසිදු ආහාර ගැනීම සහ විවේක ගැනීම හේතුවෙන් මගේ මනස සහ ශරීරය උපරිම මට්ටමක පැවතුණි" අර්ජුන් පවසයි.

තවද සෘණාත්මක බව පරීක්‍ෂා කළ වහාම පුහුණුකරු ඩූ නීල් සමඟ පුහුණු සැසි නැවත ආරම්භ කිරීම චිත්ත ධෛර්යය ඉහළ නැංවූ බව ද ඔහු පවසා සිටී. "අවුරුද්දකට පසුව මම යළිත් වැඩ කරමින් සිටිමි. එහෙත් ගෙවී ගිය වසරක ගමන ගැන ආඩම්බරයි. මම අද සිටින තැන ගැන සතුටු වෙමින් නව ජවය සමඟ ඉදිරියට යාමට සූදානම් වෙමි" ඔහු තවදුරටත් පැවසීය.