පරිච්ඡේදයක නිමාවට සැරසෙන ලතින් පොප් රජු - එන්රික් ඉග්ලෙෂියස්

සැප්තැම්බර් 16, 2021

 

 

එන්රික් ඉග්ලෙසියස්, වර්තමානය වනවිට අමෙරිකාව සහ බ්‍රිතාන්‍යය කේන්ද්‍ර කරගත් පොප් ගීත කලාවේ ඉදිරියෙන්ම පසුවන්නෙකු බවට පත් වී සිටී. රිකී මාර්ටින්ගෙන් පසුව ලතින් අමෙරිකාවෙන් බිහි වූ ජනප්‍රියතම ගායකයා එන්රික් බවද අවිවාදයෙන් පිළිගත යුතුව ඇත. ලතින් පොප් සංගීතයේ රජු (ම්ඪදඨ ධට ඹ්චබඪද ර්‍ථධන) ලෙසින් විරුදාවලි ලත් ඔහු අසීමිත ප්‍රේක්ෂක ප්‍රතිචාර හමුවේ බටහිර පොප් ගීත කලාව තුළ පෙරළිකාර චරිතයක් බවට පත් වී සිටී.

ස්පාඤ්ඤයේ සිටි ජනප්‍රිය ගායකයකු වන ජුලියෝ ඉග්ලේසියස්ට සහ මාධ්‍යවේදිනියක වන පිලිපීන ජාතික ඉසබෙල් ප්‍රෙස්ලර්ට දාව උපන් එන්රික් මිගෙල් ඉග්ලේසියස් ප්‍රෙස්ලර් හෙවත් 'එන්රික් ඉග්ලේසියස්' ජනප්‍රිය ගායකයෙකු පමණක් නොව ගීත රචකයෙකු, සංගීත වාර්තා නිෂ්පාදකයෙකු, දානපතියෙකු මෙන්ම නළුවෙක් ද වේ. ඔහු සිය සංගීත වෘත්තිය ආරම්භ කරමින් අනූව දශකයේ මැද භාගයේ නිකුත් කළ මෙක්සිකානු ඉන්ඩි ලේබලය වන 'ෆොනෝවීසා' එම දශකයේ වැඩියෙන්ම අලෙවි වූ ස්පාඤ්ඤ භාෂා කලා නිර්මාණය බවට පත්විය. නව සහශ්‍රය ආරම්භයත් සමඟම එන්රික් ඉංග්‍රීසි භාෂාවෙන් ගී ගැයීම අරඹමින් සිය සංගීත දිවියේ නව ගමනකට මුල පිරීය.

මේ වන විට ලොව පුරා එන්රික්ගේ ඇල්බම මිලියන 70 කට අලෙවි වී ඇති බව වාර්තා වන අතර ලතින් සංගීත ශිල්පීන් අතර වැඩිම ඇල්බම අලෙවියක් ඇති සංගීත ශිල්පියා වන්නේද ඔහුයි. 'බිල්බෝඩ් හොට් 100' දර්ශකයේ හොඳම ගීත පහ අතරට ඔහුගේ ගීත පහක් එක්වී තිබුණු අතර එක ගීතයක් එහි දෙවන ස්ථානයද දිනා ඇත. 2020 ඔක්තෝබර් වන විට ඉග්ලේසියස් හොඳම ලතින් කලාකරුවන්ගේ දර්ශකයේ පළමුවන ස්ථානය හිමි කරගෙන සිටි අතර හොඳම ලතින් ගීත දර්ශකයන්හි ඔහුගේ ගීත සුලබව දක්නට ලැබේ. මේ දක්වා ඔහුගේ සම්මාන ලැයිස්තුවට බිල්බෝර්ඩ් සම්මාන 23ක්, ලතින් අමෙරිකානු ගීත සම්මාන 36ක්, අමෙරිකානු සංගීත සම්මාන 7ක්, ග්‍රැමී සම්මානයක් සහ ග්‍රැමී ලතින් අමෙරිකානු සම්මාන 5ක් ඇතුළත් වේ.

'ෆයිනල්' නම් ඔහුගේ නව ගී ඇල්බමය හෙට (සැප්තැම්බර් 17) නිකුත් කිරීමට නියමිතව ඇත. 'ෆයිනල්' (ජ්ඪදචත) ඇල්බමයත් සමඟ ඔහු විසින් නිකුත් කරනු ලැබූ චිත්‍රාගාර ඇල්බම (ඉබභඤඪධ ඒතඡභථ) ගණන 11 කි. එම ගීත ඇල්බම අතුරින් ඉහළම ජනප්‍රියත්වය හිමිකරගත්තේ 2014 වසරේ දී ඔහු විසින් නිකුත් කරනු ලැබූ 'සෙක්ස් ඇන්ඩ් ලව්' ගීත ඇල්බමයයි. 'සෙක්ස් ඇන්ඩ් ලව්' ලෝක සංචාරය අතරතුර විවිධ රටවල පැවත් වූ සජීවි සංගීත ප්‍රසංගවලදී තරුණියන් ඔහු වෙතට විසි කළ තිසරපටවලින් වේදිකාවන් පිරී ගිය පුවත් වාර්තා විය. එන්රික්හට මෙරට වැඩි දෙනකුගේ අවධානය යොමුවූයේ ද 2015 වසරේදී ඔහු කළ ශ්‍රී ලංකා සංචාරයත් සමගිනි.

46 හැවිරිදි ඉග්ලේසියස් පසුගියදා කළ නිවේදනයත් සමඟම ඔහුගේ රසික සමූහයා අතිශය වේදනාවකට පත් වී සිටී. එනම් ඔහුගේ නව ඇල්බමය වන 'ෆයිනල්' ඔහුගේ අවසාන ඇල්බමය විය හැකි බවයි. "මේ තීරණයට මා පැමිණියේ පසුගිය මාස කිහිපය තුල නොවේ. පසුගිය වසර කිහිපය තුලම මා ඒ ගැන සිතා බැලුවා. නව ඇල්බමය පළමු වෙළුම සහ දෙවැනි වෙළුම ලෙස නිකුත් වනු ඇති. කෙසේ නමුත් එය අවසාන ඇල්බමය වනු ඇති. මා සිතා සිටින්නේ මගේ ජීවිතයේ එම පරිච්ඡේදය මෙසේ නිමා කිරීමටයි " ඔහු කළ නිවේදනයේ සඳහන් වේ. මේ සමඟ ඔහුගේ රසික සමූහයා බොහෝ කලබල වී ඇති අතර ඔවුන් ඉන්ස්ටග්‍රම් ඇතුළු සමාජ මාධ්‍යන්හි සිය වේදනාව පළකරමින් සටහන් ලියා ඇත.

කෙසේ නමුත් තම සංගීත ලෝලීන් අස්වසමින් එන්රික් පවසා සිටින්නේ, තමා කිසි දිනෙක සිය සංගීත දිවියෙන් සමුගැනීමට අදහස් නොකරන බවයි. සංගීතය කිසිදිනෙක නැවැත්විය නොහැකි බව සහතික කරන ඔහු ඇල්මබයක් ලෙසින් ගීත නිකුත් කිරීම වෙනුවට වෙනත් නවමු මඟක් ඔස්සේ එය ඉදිරිපත් කිරීමට තමා බලාපොරොත්තු වන බවද පවසයි.