‘මට්න්’ තුර්කියේ සකර්යා උලෙළේ ප්‍රථම ස්ථානයට

ඔක්තෝබර් 21, 2021

 

රිච්මන්ඩ් ආදි ශිෂ්‍ය තරුණ නිර්මාණකරු හසන්ත දිසානායක නිර්මාණය කළ මට්න් නම් කෙටි චිත්‍රපටය තුර්කියේ පැවති සකර්යා ජාත්‍යන්තර කෙටි චිත්‍රපට උළෙලේ තරඟකාරී අංශයෙන් ප්‍රථම ස්ථානය දිනා තිබේ. රටවල් 197ක නිර්මාණ 7000ක් අතරින් හසන්ත දිසානායකගේ "මට්න්" ජයග්‍රහණය කර තිබීම ද විශේෂත්වයකි. මෙය තුර්කියේ පැවැත්වෙන ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර ශිෂ්‍ය කෙටි චිත්‍රපට උළෙලකි.

තුර්කි සංචාරක හා සංස්කෘතික අමාත්‍යාංශය සහ සකර්යා විශ්වවිද්‍යාලය එක්ව මෙම ශිෂ්‍ය කෙටි චිත්‍රපට උළෙල සංවිධානය කර තිබේ.

ප්‍රකට නවකතාකරුවෙක් වන රෝල්ඩ් ඩාල් විසින් රචිත "ලෑම්බ් ටු ද ස්ලෝටර්" නම් නවකතාව ඇසුරෙන් මට්න් කෙටි චිත්‍රපටය නිර්මාණය කොට ඇත.

කැලණිය විශ්වවිද්‍යාලයෙන් සිනමාව සහ රූපවාහිනිය පිළිබඳ ගෞරව උපාධිය හිමිකරගෙන ඇති හසන්ත, එහි අවසන් වසරේ නිර්මාණය සඳහා මෙම "මට්න්" නම් කෙටි චිත්‍රපටය නිපදවා තිබුණි. මට්න් විනාඩි 12ක කෙටි චිත්‍රපටයකි.

මෙම කෙට්‍ චිත්‍රපටය ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සකාර්යා ජාත්‍යන්තර කෙටි චිත්‍රපට උළෙල ඇතුළු තවත් උළෙල කිහිපයක් නියෝජනය කොට තිබේ. ඒ ඩ්රක් ජාත්‍යන්තර චිත්‍රපට උළෙල භූතානය,

ජාත්‍යන්තර මූවින් චිත්‍රපට උළෙල ඉරානය, මැද්‍රාස් ස්වාධීන චිත්‍රපට උළෙල ඉන්දියාව, ෆෝල්කන් ජාත්‍යන්තර චිත්‍රපට උළෙල ඉන්දියාව,

බයෙල්සා ජාත්‍යන්තර චිත්‍රපට උළෙල - නයිජීරියාව එම උළෙලයන්වේ.

මෙම කෙටි චිත්‍රපටය ඉරානය, භූතානය, ඉන්දියාව, නයිජීරියාව සහ දකුණු කොරියාවේ පැවති ජාත්‍යන්තර චිත්‍රපට උළෙල සඳහා ඉදිරිපත් කළ බවත් එහිදී විවිධ ඇගයීම් ලැබූ බවත් අධ්‍යක්ෂ හසන්ත දිසානායක වැඩිදුරටත් පැවසීය.