ජයන්ත චන්ද්‍රසිරි NSBM හා එක්ව නන්නත්තාර අරඹයි

ඔක්තෝබර් 28, 2021

ලාංකේය ප්‍රේක්ෂක ජනතාවට යහපත් ටෙලි නිර්මාණයක් තිළිණ කිරීමේ අරමුණ පෙරදැරිව NSBM හරිත සරසවියේ සුබසාධක සංගමයේ ඇරයුමින් ප්‍රවීණ සිනමාවේදි ජයන්ත චන්ද්‍රසිරි 'නන්නත්තාර' නමින් වන සිය නවතම ටෙලි නිර්මාණයේ මුහුරත් උලෙළ ඊයේ (2021.10.27) හෝමාගම ව්ඉඕර් හරිත සරසවි ශ්‍රවණාගාරයේ පැවැත්වීය.. ජයන්ත චන්ද්‍රසිරිගේ ස්වතන්ත්‍ර නිර්මාණයක් වන මෙහි විශේෂත්වය නම් ලාංකේය විශ්වවිද්‍යාලයකින් නිමැවෙන ප්‍රථම ටෙලි වෘත්තාන්තය වීමයි.

කොටස් 50කින් යුතු මෙම නිර්මාණය ජයන්ත චන්ද්‍රසිරි හඳුන්වන්නේ සාම්ප්‍රදායික කතාමාලාවකට බෙහෙවින් වෙනස් වූවක් බවයි. ජනප්‍රිය නළු නිළියන් රැසක් සමග නව පරපුරේ නළු නිළියන් රාශියක් ද චරිත නිරූපණයේ යෙදෙන "නන්නත්තාර" සුපුරුදු ලෙස ඔහුගේම තිර රචනයකි.

ශ්‍රියන්ත මෙන්ඩිස්, බුද්ධදාස විතානාරච්චි, කුසුම් රේණු, සනත් ගුණතිලක, බුද්ධික ජයරත්න, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, මේඝ සූරියආරච්චි, මෞලි ෆර්ඩිනැන්ඩු, වින්ඩ් මඩපාත, වසන්ත විට්ටච්චි, දිමුතු චින්තක, සෙනේෂ් දිසානායක, නිර්මලා නිශාන්ති, හේමන්ත රන්දුණු, සේනක නුවන්, උදිත ගුණරත්න, සේනක විජේසිංහ, දෙව්නක පෝරගේ, උදේනි අල්විස්, චින්තක වාස්, මහේෂ් වික්‍රමසිංහ, ලක්ෂ්මී දමයන්ති, ශිරාණි කොස්තා,තනුජා විජේවික්‍රම, සඳුන් බණ්ඩාර, නිකිණි සඳමිණි, ජයනාත් බෝදාහන්දි, ලක්ෂ්මන් රාජපක්ෂ, අතුල ජයසූරිය, ජයරත්න ගලගෙදර ඇතුළු ශිල්පීහු රැසක් මෙහි චරිත නිරූපණයේ යෙදෙති.

සංගීතය නවරත්න ගමගේගෙන් වන අතර කැමරා අධ්‍යක්ෂණය නිශාන්ත ප්‍රදීප් ය. කලා අධ්‍යක්ෂණය නිපුන පෙරේරාය විමල් දේශප්‍රිය සහය අධ්‍යක්ෂණයේ යෙදෙන අතර වේශ නිරූපණය ඉන්දික උදාරගෙනි. නන්දලාල් ජයසිරි නිෂ්පාදන කළමනාකරණයෙන්ද නිමල් ෆ්‍රැන්සිස් නිෂ්පාදන කෘත්‍යාධිකාරරිත්වයෙන්ද දායක වෙයි.. නිෂ්පාදන සම්බන්ධීකරණය තිළිණි ද සිල්වා සහ අකිල වීරසිංහ වෙතිනි.