වර්ෂ 2023 ක්වූ March 29 වැනිදා Wednesday
සුපිරි තරුවක් නිහඬ වේ

ලක්ෂ්මන් විජේසේකර, භද්‍රා නන්දනී ගුණරත්න වැනි කලාකරුවන්ගේ වියෝව අසා සංවේගයට පත්ව සිටින මොහොතක එම දුක තවත් දෙගුණ තෙගුණ කෙරුවේ එවැනි අව්‍යාජ කලාකරුවකුගේ නික්මයාම ඇසීමෙනි. ඔහු නමින් ගාමිණී සුසිරිවර්ධනයි. නිතරම මුවමඬලේ සිනහවක් රදවාගත් ඔහු සිය අව්‍යාජත්වය නිසාම ප්‍රේක්ෂකයින්ගේ ජනාදරයට පාත්රවූ අයෙකි. සිරස සුපර්ස්ටාර් දෙවැනි අදියරේදී කලඑළියට පැමිණි ඔහු තරගාවලියෙන් ඉවත්වූ අවස්ථාවේදී පොඩි දරුවෙකු මෙන් හඬා වැලපුණු අයුරු අදද අප මතකයේ ඉතිරිව පවතී. පසුකාලීනව සුපර් ස්ටාර් ගාමිණී ලෙස ජනාදරයට පත්වූ ඔහු ස්වතන්ත්‍ර නිර්මාණ ගණනාවක් ඔස්සේ ප්‍රේක්ෂකයන්ගේ සිත් තුළ සදා ලැගුම් ගත් ගායන ශිල්පියෙකු විය. දන්නවාද මං දුකින්, සල්ලි සල්ලි ආදී ගීත ඔහු විසින් ගායනා කරනු ලැබූ අතර ප්‍රසංග වේදිකාවටද නැතිවම බැරි චරිතයක් විය. එමෙන්ම ඔහු රංගනයටද එක්වූ අයෙකි. ලාල් ප්‍රියදේව අධ්‍යක්ෂණය කළ මගෝ ඩිගෝ ඩයි සිනමාපයේ ගාමිණී, විජය නන්දසිරි සමඟ අපූරු රංගනයක නියැළිණ. දෙදරු පියකුවූ ගාමිණී සුසිරිවර්ධන බෙන්තොට පදිංචිකරුවෙකි. ඔහුගේ අවසන් කටයුතු පසුගිය සදුදා හවස බෙන්තොටදී සිදුවූ අතර 1962 දෙසැම්බර් 31 දා උපත ලද ගාමිණී මියයනවිට පණස් අට හැවිරිදි වියෙහි පසුවිය.