වර්ෂ 2023 ක්වූ December 11 වැනිදා Monday
වීරයා සහ දුෂ්ටයා අතර වෙනස

සයිෆ් අලි ඛාන්, රාණි මුඛර්ජි, සිද්ධාර්ත් චතුර්වේදී සහ ශර්වාරි වග් රංගනයෙන් දායක වන 'බන්ටි ඕර් බබ්ලි 2' චිත්රපටය පසුගිය නොවැම්බර් මාසයේදී තිරගත වීම ඇරඹුණි. එය 2005 වසරේ නිකුත් වූ ජනප්රිය චිත්රපටයක් වන 'බන්ටි ඕර් බබ්ලි' චිත්රපටයේ දෙවැන්න ලෙසින් පැමිණි අතර පළමු වැනි චිත්රපටයේ අභිෂේක් බච්චන් නිරූපණය කළ චරිතයේ අනුප්රාප්තිකයා වන්නේ සයිෆ් අලි ඛාන්ය. සයිෆ් මේ දිනවල මෙම චරිතය නිරූපණය නිසා ප්රශ්න රැසකට මුහණ දෙමින් සිටින බව වාර්තා වේ.
එයට හේතුව සයිෆ්ගේ පුත් තයිමූර් චිත්රපටයට දක්වන ප්රතිචාරය. ඔහු පවසන්නේ තයිමූර් චිත්රපටය ගැන ඕනෑවට වඩා ප්රශ්න අසමින් සිටින බවයි එක් අවස්ථාවකදී 'බන්ටි ඕර් බබ්ලි 2' චිත්රපටයේදී කිසිවෙකු මැරුවේදැයි තයිමූර් තමාගෙන් විමසූ බව සයිෆ් හෙළි කළේය. ඔහු පවසන්නේ තයිමූර් කුඩා දරුවෙකු වුවද ඔහුට චරිත අතර වෙනස වටහා ගැනීමට හැකියාව ඇති සේම වීරයන් සහ දුෂ්ටයන් අතර වෙනස ද හොඳීන් හඳුනන බවයි. ඒ නිසාම ඔහු 'බන්ටි ඕර් බබ්ලි 2 'චිත්රපටය ගැන ඉතා කුතුහලයෙන් සිටින බවත් සයිෆ් පැවසීය.