වර්ෂ 2023 ක්වූ September 28 වැනිදා Thursday
ශ්‍රී ලාංකේය සිනමා උලෙළක් ඇමෙරිකාවේ

අන්තර්ජාතික මට්ටමින් විශිෂ්ට සම්මානවලට පාත්‍රවෙමින් තිබෙන ශ්‍රී ලාංකික සිනමා කෘති සඳහා ලෝක වෙළෙඳපොළක් නිර්මාණය කර ගැනීම අරමුණු කර ගනිමින් ශ්‍රී ලාංකේය සිනමා උලෙළක් ඇමෙරිකාවේ සැන්ටබාබරා නගරයේදී පැවැත්වීමට සංවිධානය කර තිබෙනවා.
2022 වර්ෂයේ දී පැවැත්වීමට නියමිත සිනමා උලෙළ පිළිබඳ හඳුන්වාදීමේ අවස්ථාවක් පසුගිය දා ඇමෙරිකාවේ සැන්ටබාබරා නගරයේදී පැවැත්විණි. එය සංවිධානය කළේ අන්තර්ජාතික ශ්‍රී ලංකා සිනමා උලෙළ සාමූහිකයේ නිර්මාතෘවරිය වන අරුණි බොතේජු මහත්මියයි. 'තේ උලෙළ'ක් ද සංවිධානය කර තිබූ මේ අවස්ථාවට සැන්ටබාබරා නගරාධිපතිනිය කැතී මුරිල්ලෝ, ශ්‍රී ලංකාවේ කොන්සාල් ජනරාල් ආචාර්ය ලලිත් චන්ද්‍රදාස, ඩිරෙක්ට් රිලීෆ් ආයතනයේ අධ්‍යක්ෂ ඩීන් ඇක්සෙල් රොඩ්, හදිසි කටයුතු නිලධාරි ක්‍රිස් ඇලිවේ, එක්සත් ජාතින්ගේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය නන්දි ජසෙන්තුලියන, ශ්‍රී ලංකා ඇමෙරිකා සංවිධානයේ සභාපති සමන්ත කුරේරා, අන්තර්ජාතික ශ්‍රී ලංකා පදනමේ අධ්‍යක්ෂ ව්‍යාපෘති හා ප්‍රචාරණ කේෂිණි විජේගුණවර්ධන, ශ්‍රී ලංකා තරුණ සංවිධානයේ අරුණි ගනේවත්ත, සැන්ටබාබරා හිස්පැනික් මණ්ඩලයේ මිගුවෙල් අවිල්ලාද සහභාගි වූහ.
අන්තර්ජාතික ශ්‍රී ලංකා උලෙළ සාමුහිකයේ නිර්මාතෘ අරුණි බොතේජු මහත්මිය 1998 දී සිය දෙමාපියන් සමඟ ඇමෙරිකාවේ පදිංචියට ගියහ. ඇය කැලිෆෝනියාවේ බෑන්ක් ඔෆ් ද වෙස්ට් හි සහකාර උප සභාපතිනිය ලෙස කටයුතු කරයි. ෆීන්ක්ස් විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය ලබා ඇති ඇය කොළඹ 7 බෞද්ධ කාන්තා පාසලේ ආදී සිසුවියකි.
සංස්කෘතිය නගරයක් ලෙස ලෝක අවධානයට ලක්ව තිබෙන සැන්ටබාබරා නගරයේදී සිනමා උලෙළක් සංවිධානය කර ගැනීමට හැකිවීම ම දේශීය සිනමා කර්මාන්තයේ ජයග්‍රහණකි.