වර්ෂ 2022 ක්වූ May 24 වැනිදා Tuesday
ඇල්ෆ්රඩ් නම් සූරයා සෙනසුරාදා දොරට වඩී

ජනකාන්ත සිනමාවේදී ඇල්ෆ්රඩ් එදිමාන්නයන්ගේ චරිතාපදානය පසුබිම් කර ගනිමින් ශෝන් මැක්ස්මස් දිසානායක විසින් රචිත 'ඇල්ෆ්රඩ් නම් සූරයා' ග්රන්ථය එළිදැක්වීම අනිද්දා එනම් 04 වැනිදා ප.ව. 2.45 ට ජාතික චිත්රපට සංස්ථා පරිශ්රයේදී පැවැත්වේ.
මීට සමගාමීව ඇල්ෆ්රඩ් එදිරිමාන්නගේ පළමු සිනමා රංගනය වූ “සූරයා” චිත්රපටයද තිරගත කරනු ඇත.
මෙරට සිනමාවේ මුල්ම “සූරයා” වූ ඇල්ෆ්රඩ් එදිරිමාන්න චිත්රපට කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් මහඟු සේවයක් ඉටු කළේය. ඇල්ෆ්රඩ් එදිරිමාන්නයන් ජාතික චිත්රපට සංස්ථාව ආරම්භයටද පුරෝගාමී වූවෙකි.