ජංගි හොරා Housefull

ජනවාරි 6, 2022

සම්මානනීය සිනමා අධ්‍යක්ෂ සෝමරත්න දිසානායකගේ නවතම සිනමාපටය වන "ජංගි හොරා" මේ දිනවල තිරගත වන නුගේගොඩ, මහරගම සහ මාතර සිනමාශාලාවල පසුගිය සතිඅන්තයේ "Housefull"  පුවරුව සහිතව ප්‍රදර්ශනය කළ බව වාර්තා වේ. ඒ වසර හතරකට පසුවය.

මෙම සිනමාපටය තිරගත වීමට පෙර සිටම එහි නම සහ පූර්ව ප්‍රචාරක පටය සමාජයේ ආන්දෝලනාත්මක කතාබහක් ඇති කිරීමට සමත් විය. එහි ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ සම්මානනීය රංගන ශිල්පීනී දිල්හානි අශෝකමාලා ඒකනායක සහ පුබුදු චතුරංග ය. ලිංගිකත්වය පිළිබඳව මානසික ව්‍යාධියකින් පෙළෙන තරුණයකු ඉන් මුදවා සමාජගත කිරීම වස්තු විෂය කරගෙන මෙම සිනමාපටය නිර්මාණය කර ඇත. මෙම ඡායාරූප චිත්‍රපටයේ මංගල දර්ශනයේදී ගන්නා ලද ඒවාය.