වර්ෂ 2023 ක්වූ October 04 වැනිදා Wednesday
රංගනය ඉගෙන ගන්න අපූරු අවස්ථාවක්

සුදර්ශි ආයතනයේ ලේකම්ධුරය ගරු සේවයක් ලෙස කරටගෙන කටයුතු කරන ප්‍රවීණ රංගවේදී ලක්ෂ්මන් මෙන්ඩිස් පසුගිය දිනක අප ඇමතුවේ බොහොම සතුටින් සහ උද්යෝගයෙන්. මෙරට වේදිකාව සිනමාව සහ රූපවාහිනිය ඔස්සේ සිය රංග ප්‍රතිභාවෙන් ජන මනසට සමීප වන ඔහු විදේශීය නිර්මාණයක් වන ගුඩ් කර්ම හොස්පිට්ල් සඳහා දායක වන අතර වූ සුබදායී සිදුවීමක් පිළිබඳ දැනුම් දීමටයි ඒ.
“පසුගිය දෙවසර පුරාම කොවිඩ් වසංගතය නිසා අපට සුදර්ශි ආයතනයෙන් කිසිදු වැඩක් කරන්න අවස්ථාව ලැබුණෙ නැහැ. ඒ නිසා මට ලැබුණු අවස්ථාවක් ප්‍රයෝජනයට ගෙන අපේ තරුණ නළු නිළියන්ට විදේශීය පුහුණු කරුවකු සමඟ වැඩමුළුවක් පවත්වන්න අපි සූදානම් වෙනවා.
අසීල් රෙයිස් මට මුණගැහෙන්නෙ ගුඩ් කර්ම හොස්පිට්ල් රූපගත කිරීම්වලදි. එයට තවත් විදේශීය ශිල්පීන් සහභාගී වුණා. අපි දෙදෙනා හිටියේ එකම නවාතැන් පොළේ. එහිදී අපේ අන්‍යෝන්‍ය කුසලතා හඳුනා ගත්තා පමණක් නොවේ හිතවත්කමත් වැඩි දියුණු වුණා. ඒ නිසා ඔහු මට කීවා ඔබ ගැන ඇති වූ පැහැදීම නිසා ඔබගෙ රටේ තරුණ රංගන ශිල්පීන් ශිල්පිනියන් පුහුණු කරන්න මම කැමැතියි කියලා.
ඉන් පස්සේ මම ඔහු පිළිබඳ වැඩිදුර තොරතුරු සොයා බැලුවා. අසෙල් රෙයිස් කියන්නෙ ලෝකප්‍රකට රංග පුහුණු කරුවක්. ඔහු ඉන්දියාවේ බොම්බෙහි මහරාෂ්ට ප්‍රාන්තයේ ඉපදුණු මුස්ලිම් ජාතිකයෙක්. ඔහු වයස අවුරුදු 23දි නාට්‍ය හා රංග කලාව පිළිබඳ ශිෂ්‍යත්වයක් ලබා ප්‍රංශයට ගොස් එහි පුවත්පත් කලාවේදිනියක් කරකාර බැඳලා වසර තිහක් පුරා ප්‍රංශයේ වෙසෙන්නෙක්. මරාසාද් වේදිකා නාට්‍යය ගැන කියද්දි අපට සිහිවන නාට්‍යවේදී පීටර් බෲක් සහ සිනමාවේදී රොමාන් පොලොන්ස්කි වැනි අය සමඟ වැඩ කළ කෙනෙක්.
ඔහු මේ වැඩමුළුව අප වෙනුවෙන් නොමිලේ පවත්වන්න සූදානම් වන්නෙ. මම පෞද්ගලිකව කල්පනා කළා මමත් මැණික් ව්‍යාපාරයට සම්බන්ධ නිසා යම් සමරුවක් ලෙස එවැනි වටිනා දෙයක් ඔහුට ලබා දෙන්න. තවත් බොහෝ දෙනා ඔහුට තෑගිබෝග පිරිනමන්න ඉදිරිපත් වෙලා ඉන්නවා. මෙයට මුලින්ම සහයෝගය දුන්නෙ අජිත් කුමාරසිරි සහ ඔහුගේ සංගීත හවුල්කාරිනී නාමිනී පංචලා. ඒ වගේම චිත්‍රපට අධ්යක්ෂ රොහාන් පෙරේරා අසීල්ගේ ඉඳුම් හිටුම් සහ ගමන් බිමන් සඳහා අනුග්‍රහය දක්වන්න ඉදිරිපත් වුණා. ඔහුගේ ගුවන් ප්‍රවේශපත්‍ර සඳහා අනුග්‍රහය දක්වනවා. ජානකී හිල් දායක වනවා. අපට දැනට අවශ්‍ය වන්නේ ඔහුට කෙටිදුර ගමන් සඳහා කුලී රථයක් ඇති අයකුගේ අනුග්‍රහ පමණයි.
සුදර්ශි ආයතනයේ සභාපති රංගවේදී ඩබ්ලිව්. ජයසිරි, උපසභාපති රංගන ශිල්පී කිංස්ලි ලෝස් වැනි සියලු දෙනාගේම අනුමැතිය එම ආයතනයේම මෙය පවත්වන්න ලබා දුන්නා.
ඒ අනුව ජනවාරි මස ලංකාවට එන ප්‍රවීණ රංග පුහුණුකරු අසීල් හෙයින්ස් පෙබරවාරි මස මුල් සති තුනේ සිට සති තුනක පූර්ණ කාලීන රංග පුහුණු වැඩමුළුවක් පවත්වනවා. එයට තෝරා ගන්නෙ සීමීත පිරිසක්. ඔහු යෝජනා කළේ 15 දෙනකු පමණක් සහභාගී කරවන්නයි. ඒත් අපි ඊට වඩා වැඩි සංඛ්‍යාවක් සහභාගි කරවන්න උත්සාහ කරනවා.
ශේක්ස්පියර්ගේ මිඩ්සමර් නයිට්ස් ඩ්‍රීම් හෝ ඇරිසටොෆනිස්ගේ දෙබරු නාට්‍යය සමඟ රැයිපියල් තෙන්නකෝන් සූරීන් 1940 දශකයේ ලියූ රාමායණය නාට්‍ය පිටපතේ කණ්ඩ වැඩමුළුවට තෝරා ගනු ඇතැයි හිතනවා.
මේ වැඩමුළුවට සහභාගි වන්න කැමැත්තක් දක්වන ශිල්පී ශිල්පිනින්ට තමන්ගේ ඉල්ලුම්පත් ජනවාරි 21 වැනිදාට පෙර අප වෙත ලබා දෙන්න පුළුවන්. මගේ විද්‍යුත් ලිපිනය ඡථතපථඥදඤච@රචඩධධ.ජධථ
පූර්ණ කැපකිරීමක් කළ හැකි ශිල්පීන් පමණක් ඉල්ලුම්පත් එවන් ලෙස කරුණාවෙන් දැනුම් දෙන්නෙ මෙය මඟදි අතහැරියොත් එය තව කෙනකුට ලැබෙන වටිනා අවස්ථාවක් අපතේ යෑමට හේතු වන නිසයි.
වැඩමුළුවට සහභාගී වන්නන් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණය ජනවාරි 23 පැවැත්වෙනවා. සමාජ මාධ්‍ය ඔස්සේ මේ සියල්ල දැනුම් දීමට කටයුතු යොදනවා.”
එසේම සුදර්ශි ආයතනය මඟින් සංවිධානය කරන කෙටි චිත්‍රපට උලෙළක් මාර්තු 27 පැවැත්වීමට නියමිත බවද ලක්ෂ්මන් මෙන්ඩිස් අපට පැවසුවා.