වර්ෂ 2023 ක්වූ December 07 වැනිදා Thursday
යහම්පත්ට සම්මානයක්
ජනවාරි 6, 2022

කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කළ සාහිත්‍ය කලා උත්සවයක් පසුගියදා පැවත්වුණු අතර එහිදී කඩුවෙල ප්‍රදේශයේ වෙසෙමින්, දශක තුනකට වැඩි කාලයක් පුවත්පත් කලාවටත් සිනමා හා කලා ක්ෂේත්රයටත් කරන්නාවූ මෙහෙවර උදෙසා ලංකාදීප පුවත්පතේ විශේෂාංග කර්තෘ සහ සිනමා කලා අතිරේක සංස්කාරක සමන්ත යහම්පත්ට කඩුවෙල ගෞරවාභිමානී සම්මානය පිරිනැමිණ. කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න අතින් මෙම ගෞරව නාමය යහම්පත්ට ලබාදී තිබේ.