වර්ෂ 2023 ක්වූ December 06 වැනිදා Wednesday
කමල් ගී මල් 15 වැනිදා

කමල් ශ්‍රී ලියනගේ පවත්වනු ලබන කමල් ගී මල් ප්‍රසංගය සමඟ පේ‍්‍රමය සංයුක්ත තැටිය දොරට වැඩුම එළැඹෙන 15 වැනි දින ප.ව. 02.00කට බලපිටිය කැප්ටන් මරිනා හෝටලයේදී පැවැත්වේ.
ලේක්හවුස් කර්තෘ මණ්ඩල අධ්යක්ෂ ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් එදින මුලසුන දෙසුම පවත්වනු ලබන අතර මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර, කර්නල් නිමල් දිසානායක දේශන පවත්වතී.
සංගීිතය රෝහණ බෝගොඩ සමඟ ගුවන් විදුලි වාද්‍ය වෘන්දයෙනි. නර්තන වින්‍යාසය ක්‍රීසී ඩාන්සින් ස්ටුඩියෝයි.
ජගත් වික්‍රමසිංහ, අසංග පි‍්‍රයමන්ත පිරීස්, චන්දන ලියනආරච්චි, රෝහණ බෝගොඩ, සෝමසිරි මැදගෙදර, ස්වර්ණලතා කවිශ්වර, රෝහාන් ශාන්ත බුලේගොඩ, සමන්ත පෙරේරා ලක්ෂමන් හේවාවිතාරණ, සුභානි හර්ෂණී මුතුකුමාරණ, කමල් ගී ප්‍රසංගයේ ගීත ගායනා කරති.
-නිශ්ශංක විජේරත්න