වර්ෂ 2023 ක්වූ June 04 වැනිදා Sunday
රැෆෙලාගේ සෙලිබ්‍රිටි කැලැන්ඩරය

පසුගිය 8 වැනිදා සන්ධ්‍යාව තරු පිරි සන්ධ්‍යාවක් විය. කොළඹ කිංග්ස්බරි හෝටල් පරිශ්‍රයට එක් සුවිශේෂී කාරණයක් උදෙසා කලා ලොව බබළන තරු එක් රොක්වූහ. ඒ ලංකාවේ ජනප්‍රිය තරු කැලැන්ඩරයේ එළිදැක්වීම උදෙසාය. මේ සඳහා පුරෝගාමීත්වය දැරුවේ රැෆෙලා ප්‍රනාන්දුය. ඇය මෝස්තර නිර්මාණ ශිල්පිනියකි, ඡායාරූප ශිල්පිනියකි. ජාත්‍යන්තරයත් සමඟ නිරන්තරයෙන් වැඩ කටයුතු කරනු ලබන ඇය ලංකාවේ කලා ලොව බබළන තරු ආශ්‍රයෙන් අපූරු කැලැන්ඩරයක් නිර්මාණය කළාය. එය Raffealla Fernando Celebrity Calendar නම් වේ. නිරන්තරයෙන් දකින කලාකරුන්වන්ගේ ස්වරූප හාත්පසින්ම වෙනස් කර වෙනස් සංකල්පයන් ඔස්සේ රූගත කිරීම ඇය මෙහිදී මූලිකත්වය ගෙන ඇත. Raffealla Fernando Celebrity Calendar එළිදක්වනු ලබන්නේ දහවැනි වරටය. රවීන්ද්‍ර රන්දෙණිය, සංගීතා වීරරත්න, දමිතා අබේරත්න ඇතුළු කලාකරුවන් 29 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් මෙවර කැලැන්ඩරය හැඩ කිරීම සඳහා සහභාගී වුණු අතර නවමු සංකල්ප රැසක් සමඟින් මෙවරත් කැලැන්ඩරය නිම කර ඇත.