භාෂා තුනකින් තැනුණු ප්‍රාණ ප්‍රචාරක කටයුතු මන්නාරමෙන් ඇරඹේ

පෙබරවාරි 10, 2022

 

“සමාරා” , “රෝසකැලේ” සහ “ජූලි හතයි” තිරයට එක්කළ ටෙලි නාට්‍ය සහ චිත්‍රපට අධ්‍යක්ෂ සංජය නිර්මාල් තිර රචනය කරමින් අධ්‍යක්ෂණය කළ, නවතම චිත්‍රපටය වූ ඉඥඥඤඵ (සීඩ්ස්) - ප්‍රාණ චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු ආරම්භ කිරීම පසුගිය ජනවාරි 30 වැනි දින මන්නාරම් තෝට්ටවේලි හිදී සිදු විය. මෙය එළැඹෙන අප්‍රියෙල් මාසයේදී තිරගත වීමට නියමිතව ඇත.

1544 වසරේ දී ශ්‍රී ලංකාවේ සිදු වූ ඛේදනීයම සිදුවීමක් වූත්, දේශපාලන න්‍යාය පත්‍රයන් හේතුවෙන් සැඟවී ගියාවූත් මන්නාරම් මහා සංහාරය පදනම් කරගත් ඉඥඥඤඵ (සීඩ්ස්) - ප්‍රාණ” චිත්‍රපටියේ ප්‍රචාරක කටයුතු ආරම්භ කරමින් එහි යූ ටියුබ් , ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් අඩවි සයිබර් අවකාශයට මුදා හැරීම මෙහිදී සිදු විය.

1544 එවකට උතුර පාලනය කළ සංකිලි රජුට එරෙහි වූ ජනතාවගේ දිවිතොර කර මන්නාරමේ තොට්ටවේලි ගම්මානයේ පිටිවැල්ල ලෙයින් තෙත් කරවාලීය. මෙම චිත්‍රපටය තැනුණේ එම සිද්ධිය පදනම් කරගෙනය. ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සිංහල, ඉංග්‍රීසි සහ දමිළ භාෂා ත්‍රිත්වයෙන්ම එකවර තිරගත වීම අරඹන ඉඥඥඤඵ (සීඩ්ස්) - ප්‍රාණ චිත්‍රපටය සඳහා රංගනයෙන් ටේ‍ර හික්ස් , ශ්‍යාම් ප්‍රනාන්දු, දර්ශන් ධර්මරාජ, නීටා ප්‍රනාන්දු, නිරංජනී සන්මුගරාජා, කින්ග් රත්නම්, ස්ටීවන් මාර්ක් ලොඩ්සික්, රොබට් සියේරා, පීටර් සටනීටස්, දිනේෂ් ද සිල්වා, සෙනේෂ් බණ්ඩාර දිසානායක, කල්ප මුණසිංහ ඇතුළු විශාල රංගන ශිල්පීන් පිරිසක් දායකව ඇති අතර, කැමරා අධ්‍යක්ෂණයෙන් ස්ට්‍රයිනර් ඇඩම්ස්, කලා අධ්‍යක්ෂණයෙන් සහ ඇඳුම් නිර්මාණයෙන් ධම්මික හේවාදුවත්ත, අංග රචනයෙන් බුවනෙක රණවක, සංස්කරණයෙන් සහ වර්ණ සංයෝජනයෙන් ශාන් අල්විස්, ශබ්ද ප්‍රයෝග සහ ශබ්ද සංකලනයෙන් ශෂින් ගිම්හාන් පෙරේරා, නිෂ්පාදන සැලසුම්කරණයෙන් සුනෙත් මාලිංග ලොකුහේවා, සහය අධ්‍යක්ෂණයෙන් ප්‍රියන්ත සමරකෝන්, නිෂ්පාදන සම්බන්ධීකරණයෙන් ගරු ඇන්තනී නිශාන් පියතුමා සමඟින් රංජන් ප්‍රසන්න ද, සංගීත අධ්‍යක්ෂණයෙන් නදීක ගුරුගේ ද, විධායක නිෂ්පාදනයෙන් ගරු ප්‍රසාද් හර්ෂන් පියතුමා ද එක්වන Seeds (සීඩ්ස්) - ප්‍රාණ ජානක පෙරේරාගේ නිෂ්පාදනයකි.