නන්දිකට උදවු කරමු

පෙබරවාරි 10, 2022
විය යුතු දේවල් සියල්ල සිදුවී අන්ත අසරණවී සිටින කලාකරුවෙක් සරසවියට කතා කළා. ඔහුගේ නම නන්දික අලුවිහාරේ. නන්දික කලක් රංගනයේ යෙදුණා කියා ඔබට මතක ඇති. ඔහු එම වෘත්තියේද නියැළුණේ තම අසනීපයකට බෙහෙත් ගන්න මුදල් හොයා ගන්නටයි. හදිසි අනතුරක් හේතුවෙන් ඔහුගේ කොඳුඇට පේළියට හානි වුණේ 2008 වසරේ. එතැන් පටන් නන්දික සැත්කම් කිහිපයකටම මුහුණ දුන්නා. රඟපාමින් ජීවිතේ ගෙවමින් මුදල් උපයාගත් නන්දික මේ වනවිට ඒ කිසිත් කරගත නොහැකිව නිවසටවී සිටිනවා. මාර්තුවේ ඔහුට තවත් සැත්කමකටද මුහුණ දෙන්න තියෙනවා.. කබලෙන් ළිපට වැටුණාක් මෙන් ඔහු තවත් කරදරයකට පත් වෙලා.. වත්මනෙහි ඔහුගේ කතාව අප සටහන් කළා මේ අන්දමින්. 
 
මාව ඇදවැටීමකට ලක් වුණේ 2008 අවුරුද්දෙ. එතකොට මම ශ්‍රීලංකා යුද හමුදාවේ සේවය කරමින් හිටියා. එහි පුහුණුවීම්වලදී  සිදුවූ ඇද වැටීමක් නිසා මගෙ කොන්දට හානි වුණා. 2008 සහ 2009 දී විතර මම සැත්කම් දෙකකට මුහුණ දුන්නා. ඊට පස්සෙ තමයි මම රඟපාන්න එන්නෙ. මුලින්ම වේදිකා නිර්මාණවලට දායක වුණා. රූපවාහිනී නිර්මාණයකට කියලා පළමුවෙන්ම එක්වුණේ ස්වර්ණවාහිනීයේ ගිය යෙහෙළි. වන්දනා, ආදරියේ, යාය හතර, උඩු සුළඟ, බොරදිය කඳුර, කුලැත්තියෝ, පියවි මම රඟපාපු ටෙලි නාට්‍ය කිහිපයක්. සිරි දළදා ගමනය, පරපුර, සක්කාරං, ධර්මයුද්ධය, ගිරිවැසිපුර වගේ චිත්‍රපට වලටත් එකතු වුණා. ඒවා මගින් උපයපු මුදල් මම වැයකළේ මගෙ කොන්දෙ අමාරුවට බෙහෙත් ගන්න. 2018දී විතර මගෙ කොන්දෙ අමාරුවත් එක්ක බෙල්ලෙ අමරුවකුත් එනවා. ඒත් එක්කම මගෙ වම් අත පණ නැති වෙනවා. සැත්කමක් කරන්න මුදල් හොයලා දෙන්නෙ දුලීකා මාරපන අක්කලයි මගෙ ඉස්කෝලේ ශාන්ත තෝමස් විදුහලේ ආදි ශිෂ්‍යයොයි එකතු වෙලා. යාන්‍තම මට සැත්කමින් පස්සෙ ඔළුව උස්සගන්න පුළුවන් වෙනවා. ඒත් සැරින් සැරේ කොන්ද අමාරුව එනවා. වැඩක් කරගන්න බැහැ. මේවනකොට මට තවත් සැත්කමක් කරන්න වෙලා. මාර්තු මාසයේදී විතර ඒක කරන්න ඕනෙ. ඒ සඳහා ලක්ෂ 25 විතර යනවා. මම මුහුණු පොත හරහා මේ පිළිබඳ සටහනක් තබමින් ආධාර ඉල්ලුවා. ඊට ප්‍රතිචාර විදිහට මට යම් මුදලක් එකතු වුණා. ඒකෙන් ලක්ෂ එකහමාරක් විතර කිසියම් වූ කෙනෙක් ඔන්ලයින් ක්‍රමයට හොරකම් කරලා. මට වෙන්නෙම ඔය වගේ දේවල්. දැන් ඒ වෙනුවෙනුත් නීතිමය ක්‍රියාමාර්ග ගන්න වෙලා. පුළුවන්නම් මගෙ සැත්කමට උදව් කරන්න. ඒකට ලක්ෂ 25 විතර වැය වෙනවා. 002200240023468 අංකයට මහජන බැංකුවේ නන්දික අලුවිහාරේ කියන මගෙ ගිණුමට හැකියාවක් ඇත්නම් මුදලක් බැර කරනවානම් ලොකු උදව්වක් වේවි.
මේ ඔහුගේ දුරකතන අංකයයි 0773339671