වර්ෂ 2022 ක්වූ July 01 වැනිදා Friday
කොස්තාට කඩා වැටුණු හෙණ ගෙඩිය

සරසවිය සම්මාන ලාභි ප්‍රවීණ කැමරා අධ්යක්ෂ රුවන්් කොස්තාට පසුගිය දවසක සැවෝයි ප්‍රිමියර් සිනමා ශාලාවේදී හරි අපූරු වැඩක් සිදුවිය. එතැනදි කොස්තාට ඔහුගේ යූ ටියුබ් නාලිකාව ගැන කථා කරන්නට සිදුවිය. සිනමාවට වඩා එහි සංචාරක කර්මාන්තය ගැන වැඩි ඉඩක් දී තිබෙන බව සියලු දෙනාම සඳහන් කරන්නට විය. වැල්ලවත්ත සැවෝයි ප්‍රිමියර් සිනමාහලේ මේ කතාබහ අතරතුර මාධ්‍යවේදිනි ගයනි අබේවර්ධන එකවරම පැමිණ ඔහුව අතින් අල්ලාගෙන කියන්න වුණේ මේ හැමෝම කියනවා කොස්තා අයියේ මට ඔයාගේ මුහුණුවර තියෙන්නේ කියලා. ඒ කොහොමද කියලා ඇහුවගමන් කොස්තාට හිතාගන්න බැරිවි බලන් හිටියේ. එයින් අපහසුතාවය පත්වූ බව වටහහාගත් ගයානි කිව්වේ මේ ඔයා බයවෙන්න එපා. එකවගේ 7 දෙනෙක් ඉන්නවා කියනවානේ. එයින් එක්කෙනෙක් වෙන්න ඇති. කියමින් කොස්තාගේ මුහුණට සිනාවක් ගෙන දුන්නාය.