වර්ෂ 2022 ක්වූ July 01 වැනිදා Friday
සෞම්‍යගෙන් බුද්ධිට ලැබුණු සහතිකය

ආචාර්ය සෝමරත්න දිසානායකයන්ගේ ජංගි හොරා සිනමා පටය කාගේත් කතා බහට ලක්වූවක්. එහි කරුණාගේ චරිතය නිරූපණය කරන බුද්ධි රන්දෙණිය ශිල්පිනියගේ චරිතය මෙහි එන්නේ උප ප්‍රධාන චරිතයක් ලෙසයි. පසුගිය දිනෙක රංගන ශිල්පී සෞම්‍ය ලියනගේ මේ සිනමා පටය පිළිබඳ කතා කරමින් සිටින මොහොතක බුද්ධි රන්දෙණිය අහම්බෙන් ඒ ස්ථානයේ දක්නට ලැබුණා. ඒ අවස්ථාවේ බුද්ධිට කතා කර සෞම්‍ය කීවේ ‘ජංගි හොරා සිනමා පටයේ ඔබ තාත්ත්වික රංගනයක නියැළෙනවා‘ වැනි අදහසක්. එයින් බුද්ධි තරමක් ලැජ්ජාශීලී වුවත් කිසිදාක බලාපොරොත්තු නොවූ අයුරින් සෞම්‍යගෙන් මෙවැනි ප්‍රතිචාරයක් ලැබීම ඇයගේ රංගන දිවියට වටිනා බවයි ඇය පැවසුවේ.