වර්ෂ 2022 ක්වූ July 01 වැනිදා Friday
අයිවෝට අභියෝගයක්
මැයි 19, 2022

සන්ෆලවර් සංගීත කණ්ඩායමේ ලිඩ් ගිටාර් වාදක ශිල්පියකු වූ අයිවෝ පසුගිය කාලේ අලුතින් සංගීත කණ්ඩායමක් ආරම්භ කළේය. ඒ “සන්වේ” නමින්ය. මෙම සංගීත කණ්ඩායම දැනට ඉන්න ජනපි්රයත්වයෙන් සංගීත කණ්ඩායම් දහය අතරට පැමිණ ඇත. එහෙත් මේ කතාව ඊට හාත්පසින්ම වෙනස්ය. ප්රසංගයන් අතරතුර රසිකයන් කෑ ගසා අයිවෝට කියන්නට වූයේ් දහය අතරට ආවට වැඩක් නැහැ. පළවෙනියා වෙලා පෙන්වන්න කියාය. ඒ ගැන ඇසූ වෙලාවේ සිට අයිවෝ අන්ද මන්ද වී කල්පනාවට වැටුණේය. ඒ රසිකයන් දුන් අභියෝගය ජයගන්නේ කෙසේද කියායි.