වර්ෂ 2023 ක්වූ June 04 වැනිදා Sunday
නව ජනමාධ්‍ය ඇමැති වැඩ භාර ගනී

නව ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පසුගිය 23 වැනිදා ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ වැඩ ආරම්භ කළේය. ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් අනුෂ පැල්පිට, රුවන් සත්කුමාර, ඊ.එම්.එස්.බී. ජයසුන්දර ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. ජනමාධ්‍ය අමාත්‍ය ධුරයට අමතරව ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය ධුරයද එතුමා හට පවරා තිබේ. මීට පෙරද ආචාර්ය ගුණවර්ධන මහතා ජනමාධ්‍ය අමාත්‍ය ධුරය හොබවා ඇත.
චිත්‍රපට නිෂ්පාදකයෙකුද වන බන්දුල ගුණවර්ධන මහතා චිත්‍රපට නිෂ්පාදනයට පිවිසියේ ධර්මසිරි බණ්ඩාරනායකගේ 'තුන් වැනි යාමය' චිත්‍රපටයට සම නිෂ්පාදනයෙන් දායක වෙමිනි. විචාරකයන්ගේ නොමඳ අවධානයට පාත්‍ර වූ 'සුද්දිලාගේ කතාව', 'සිරි මැදුර' හා 'අයෝමා' ඔහුගේ නිෂ්පාදන දායකත්වයෙන් නිර්මාණය වූ චිත්‍රපට වේ. 'සුද්දිලාගේ කතාව' හා 'සිරි මැදුර' වෙනුවෙන් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සරසවිය සම්මාන උලෙළේ දී හොඳම නිෂ්පාදක ලෙස දෙවරක්ම සම්මානයට පාත්‍ර වූයේය. මෑතකදී තිරගත වූ 'ද නිව්ස්පේපර්' චිත්‍රපටය ද එතුමාගේ නිෂ්පාදනයකි.